උතුරු නැගෙනහිර සංවර්ධනයට ඩොලර් මිලියන 100ක මූල්‍ය පහසුකමක්
උතුරු හා නැගෙනහිර පළාත්වල තිරසර ප්‍රාදේශීය සංවර්ධනය සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026–2031 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්‍ය ප්‍රතිපාදන අතරින් මෙම වැඩසටහන සඳහා ඩොලර් මිලියන 100ක් වෙන් කර ඇත.
ආර්ථික විභවයන් සහිත කාණ්ඩ ශක්තිමත් කිරීම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම, ජනතාවගේ ජීවනෝපාය හා ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම මෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල තරගකාරිත්වය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
2026 පෙබරවාරි 09 වැනිදා අමාත්‍ය මණ්ඩලයෙන් ලද පූර්ව අනුමැතියට අනුව ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමූහය අතර ණය සම්මුති සාකච්ඡා ද සාර්ථකව අවසන් කර තිබේ.
ඒ අනුව, අදාළ මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ගිවිසුම්වලට එළඹීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

