පොලීසිය පැහැදිලිවම දේශපාලන හස්තයක් බවට පත්වෙලා
"දැන් අධිකරණයේ පවතින නඩු වල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම්, විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඉතින් ඒ දෙක නොකර කාලය දික් කරා කියලා ඒකට විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ. ඉතින් මං හිතන්නේ ඒ සංශෝධනය ගේන්නේ ඇයි කියලා ආණ්ඩුව දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා දන්නවද කියන්න මං දන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ දඹුල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
"එක පැත්තකින් අද ලංකාවේ නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, පහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන්, ඒ වගේම මේ රටේ වෘත්තිකයින් සහ බහුතරයක් ජනතාව මේ පිළිබඳව විශ්වාසයක් නැහැ. ඉතින් ඔවුන් පැහැදිලිවම මේ අධිකරණ පද්ධතිය තුළ ස්වාධීනත්වයට බලපාන්න හැකියි කියන කාරණය සඳහන් කරලා තියෙනවා.
ඒ වගේම තමයි අද පොලීසිය හැසිරෙන විදියෙන් මේ රටේ ආණ්ඩුව පැහැදිලිවම පොලීසිය තමන්ගේ දේශපාලන හස්තයක් විදියට මෙහෙයවන බව පේනවා. දැන් එක පැත්තකින් සංවිධානාත්මක අපරාධ වැඩි වෙනවා. හැබැයි පොලිස්පතිවරයා හෝ පොලීසිය ඒවා වලක්වන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? හැබැයි තවත් පැත්තකින් පක්ෂයේ මහ ලේකම්වරයා, සාගර කාරියවසම් මහත්මයා ප්‍රකාශයක් කරාම ඉතාමත් වේගයෙන් පරීක්ෂණ කටයුතු කරලා කටඋත්තර දෙන්නත් එන්න කියනවා.
හැබැයි ඉතින් දිනෙන් දින දැන් වෙඩි තියෙනවා විතරක් නෙවෙයිනේ, දැන් ගෙවල් වලට බෝම්බ ගහලත් යනවනේ, අර 88-89 වගේ. ඒ තත්ත්වයට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුණාම ඒකට ක්‍රියාත්මක නොවන පොලීසිය පක්ෂයක මහ ලේකම්වරයෙක් වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පොලීසිය පැහැදිලිවම දේශපාලන හස්තයක් බවට මේ ආණ්ඩුව පාවිච්චි කරනවා. ඒක තමයි සාගර කාරියවසම් මහත්මයා කිව්වේ."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

