පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු හැරීමටවිශ්වවිද්යාල පාලක සභාව තීරණය කොට තිබේ.
ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ ක්‍රියාකලාපයට එරෙහිව පසුගිය කාලය පුරා විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවක සේවිකාවන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බැවින් එය අවසන් වන තෙක් අදාළ තීරණය ක්‍රියාත්මක බවයි .
ආරක්ෂක අංශ සේවකයින් රාජකාරිය සඳහා යෙදවීමේදී මෙන්ම අතිකාල දිමනා ලබා දීමේදී පවතින දුර්වලතා ඇතුළු චෝදනා රැසක් පසුගිය කාලයේ දී ප්‍රධාන ආරක්ෂක නිලධාරි වරයාට එල්ලවීතිබුණි .