ජපන් ජාතික කාන්තාවක් කොල්ලුපිටිය හෝටලයක් තුල දී අතවර කළ බව කියන සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි
29 හැවිරිදි ජපන් ජාතික කාන්තාව පොලිස් සංචාරක කොට්ඨාසය වෙත ඊමේල් පණිවුඩයක් මගින් සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කල බව පොලිස් නිලධාරියකු පැවැසීය
ලද පැමිණිල්ල වී පී එන් පණිවිඩයක් මගින් කොල්ලුපිටිය පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා යොමු කිරීමෙන් අනතුරුව එම කාන්තාව කොල්ලුපිටිය කාල්විල් ප්රදේශයේ හෝටලයක රැගෙන ගොස් ඇගේ කැමැත්ත නොමැතිව අතවර කර ඇති බව මූලික විමර්ශනවල දී කරුණු තහවුරු කර කරගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු කඩවත පහර කරගාමුල්ල පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.