රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්බුද්ධ සාසනය සුරක්ෂිත කරන බව සදහන් වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බවත් විවිධ බාධා මධ්‍යයේ වුවත් ප්‍රායෝගික බෞද්ධකම ඇති කිරීම යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ ඇති පන්සල් පද්ධතිය රැකගෙන ඒ හරහා සංස්කෘතිය ආරක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචික යුගයේ අවශ්‍යතාවක් බවත් ආගමික සිද්ධස්ථාන රැක ගන්නවා සේම ගම් නියම්ගම් සිසාරා පැතිර පවතින මත්පැන්, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කරමින් වචනයේ පරිසමාප්තියෙන්ම සුචරික ජන සමාජයක් බවට පත්කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ ඊයේ තන්තිරිමලේ රජමහාවිහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය සදහා සහභාගී වූ අවස්ථාවේ දීය.
මත්රකුසා පාසල් දරුවන් පවා සීඝ්රයෙන් වෙලාගෙන ඇති බවත් එවන් මොහොතක මන්ත්‍රීවරුන්ගේ නිර්දේශයෙන් ගම් නියම්ගම් සිසාරා සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව බියර් බලපත්‍ර ලබාදීම කණගාටුවට කරුණක් බවත් රජයට පවා බලපෑම් සිදු කරමින් අදාළ සමාගම් දුම්වැටි සහ මත්පැන් ව්‍යාප්තිය සිදු කරමින් යන බවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් ඉහළින් යන මේ මහා බලවේගය තුරන් කල යුතු බවත් විපක්ෂය නායකවරයා පැවසීය.
තිස්වසරක යුද්ධයෙන් පීඩා වින්දා සේ මේ වන විට මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් රට පීඩා විදින බවත් ඉන් රට ගලවාගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
