කල් ඉකුත්වීම හේතුවෙන් රුපියල් බිලියන 10.7ක් පමණ වූ ෆයිසර් කොවිඩ් එන්නත් මිලියන 7ක් 2022 වසරේදී භාවිත කිරීමකින් තොරවම විනාශ කිරීමට කටයුතු කර ඇතැයි විගනන වාර්තාවක දැක්වෙයි.
ලෝක බැංකු ණයක් යටතේ මෙම එන්නත් මිලදී ගෙන තිබුණි. මීට අමතරව රුපියල් මිලියන 349 ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්ව පරීක්ෂාව අසමත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබුණ බවද 2022 වාර්ශික විගනන වාර්තාවේ දැක්වෙයි.