සීදූවේ වෙඩි තැබීමක්
සීදූව පොලිස් වසමේ සිදු වු වෙඩි ප්රහාරයකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි. අද (26) දා උදෑසන 11.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණි. මෙලෙස වෙඩි වැදී තිබුණේ සීදූව කොටුගොඩ කසගහවත්ත පුබුදු මාවතේ පදිංචි දිනේෂ් ප්රියසාද් සිල්වා (36) නැමැති අයෙකුටය.
වෙඩි වැදුණු පුද්ගලයා විදේශගතවීමට පොලිස් වාර්තාවක් ලබා ගැනීමට සීදූව පොලීසිය ට ගොස් සිය මව සමඟ යතුරු පැදියකින් පැමිණෙමින් සිටියදී සීදූව සුපුවත් අරණ දේවස්ථානය අසලදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඔහුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.
ඔහුගේ මුහුණට වෙඩි ප්රහාරය වැදී ඇත. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයාව සීදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත. වෙඩි තැබීම ට හේතු ව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබූ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
ජා ඇල ප්රසංග පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
