කෝටි පහක මුදල් නෝට්ටු සමග සැකකරුවෙක් හ සැකකාරියක් අල්ලයි
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් පන් කෝටි 5 කට අධික මුදලක් හා රන් පැහැති අත් පළඳනාවක් සමග සැකකරුවකු හා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ මවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි
වයස අවුරුදු 34 හා 67 අතර පසුවන සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම හා අලුබෝමුල්ල පමුණුගම ප්‍රදේශයේ දීය. ඔවුන් සමග රුපියල් 51,112,900/= මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
බැංකු ගිණුම් භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් හුවමාරු කරගැනීම හා මත්ද්‍රව්‍ය ආශ්රිත ව සිදු කරනු ලබන වෙනත් ගනුදෙනු සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශණයකින් අනතුරුව සැකකරු සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත
බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක් ගිනුමක් පවත්වාගෙන යන පුද්ගලයකුගේ බැංකු ගිණුමට අසාමාන්‍ය මුදල් බැර වන බවත් එම මුදල් කඩිනමින් විවිධ ප්‍රදේශවල ඇති ඒටීම් යන්ත්‍ර මගින් ලබා ගන්නා බවට විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණ වීමෙන් අනතුරුව මෙම ගිණුම් හිමියාගේ විස්තර පිළිබඳ සොයා බැලීමේදී ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලිපිනයක් භාවිතා කරමින් ගිණුම් විවෘත කර ඇති බවට අනාවරණය වී යැයි පොලීසිය කියයි
පසුව දීර්ඝ ලෙස මෙම ගිණුම් සම්බන්ධව විමර්ශනය සිදු කළ නිලධාරීන් සැකකරු බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසලට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අලුබෝමුල්ල පමුණුගම සැකකරුගේ නිවසේ අල්මාරියේ තැන්පත් කර තිබූ එම මුදල් සහ රන් පැවති අත් පළඳනාව සොයාගත් බවත් අනතුරුව ප්‍රධාන ජාවාරම් කරුගේ මවද ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගත් බවත් පොලිස් නිලධාරියකු පැවැසීය
පොලිස් භාරයට ගත් රන් පැහැති අත් පළඳනාව තත්ත්ව පරික්ෂාවක් කිරීම සඳහා මැණික් හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමුකළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
සැකකරු සහ සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්ෂණ පවත්වයි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
