"අද අපේ රටේ වෛද්‍යවරුන් හා ඉංජිනේරුවරුන් රට හැර යනවා, මේක ලංකාවේ විතරක් වෙන දෙයක් නොවෙයි ලෝකයේම රටවල මේක සිදු වෙනවා' ලැබෙන වැටුපෙන් තෘප්තිමත් නොවෙන නිසා තමයි මේ අය රට හැර යන්නේ" යැයි වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ල ශික්ෂණ රෝහලේදි පැවති රුස්වීමකදි පැවසීය.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදිවෙන මහාචාර්ය්ය ඒකක සහිත දස මහල් ගොඩනැගිල්ල ඉදිරීම් ආරම්භ කිරීමේ උත්සවය බදුල්ල ශික්ෂණ රෝහල් පර්ශයේදි 26 දින පැවති උත්සවයකදි ඇමතිවරයා එසේ පැවසීය.
මෙම දස මහල් ගොඩනැල්ල ඉදිකිරීම සදහා රජය රුපියල් බිලියන 2.26ක මුදලක් වෙන්කර තිබේන අතර ඉදිකිරිම් කටයුතු 2025 වසරේ නිමකිරීමට නියමිතය,
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ 11 වන වෛද්‍ය පීඨය සදහා අවශ්‍ය මහාචාර්ය ඒකකය ඉදිකිරීම සහ පළාත්බද මහ රෝහලක් ලෙස පැවති බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම මෙහිදි සිදු විය.
මෙහි ඉදිකරන ගොඩනැගිල්ලේ කායික වෛද්‍ය ,ශල්‍ය වෛද්‍ය,ළමා රෝග වෛද්‍ය,ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය විශේෂඥ අංශ මහාචාර්ය ඒකක ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ඉදිවු වෛද්‍ය පීඨයට ලබන ජනවාරියේදි සිසුන් 50ක් බදවාගෙන පාඨමාලා ආරම්භ කර ඔවුන්ගේ හතර වන වසරේ අධ්‍යාපනික ඉගෙනුම් කටයුතු මෙම මහාචාර්ය ගොඩනැගිල්ලේ ආරම්භ කිරීමට නියමිතව ඇත,
"මේ අය ඉල්ලන ඉල්ලන ගණන් දෙන්න රජයට බෑ,අප්‍රිකාවේ ඉන්න හෙදියන් 957ක් ඉන්නේ එංගලන්තයේ ඒ රටේ ඉන්න අයටත් ලැබෙන වැටුප මදි ඒ හැම දේටම තෘෂ්ණාව තමයි මුල් වෙන්නේ අද පයිලට්ට ලැබෙන රුපියල් මිලියන 4.5ක මුදලත් මදි කියලා වෙන රට වලට යනවා.
මේක තමයි තෘෂ්ණාව කියන්නේ,ලද දෙයින් සතුටු වෙන්නෙක් නෑ අද දේශපාලන වැකිය තමයි රට එපා වී විදේශ ගත වන බව කීම. මම ඒකට එකග නෑ රටවල් වලට යන්නේ තෘෂ්ණාව නිසයි එහෙම ගිහින් දුක් විදිනවා. අපි අපේ රටේ වෛද්‍ය විද්‍යාල වලින් ගුණාත්මක වෛද්‍ය පිරිසක් බිහිකරමු.
මම දේශපානයේදි පසුගිය මැතිවරනයේදි ජනතාවට පොරොන්දු තුනක් දුක්නා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම,බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් කිරීම, මහනුවරට යන රජ මාවත ඉදිකිරීම වැඩ තුනම හරි අය වැයෙන් මුදල් වෙන් කරගෙන වැඩත් ආරම්භ කළා මට දැන් දේශපාලනෙන් සමුගන්න උනත් පුළුවන්,එයට අමතරව බදුල්ල මහ රෝහලේ හදවත් හා පෙනහලු ඒකකයකතු ආරම්භ කිරීමට මුදල් වෙනකර ගත්තා.
ඌව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලබන ජනවාරි සිට සිසුන් බදවා ගෙන ඉගෙනුම් කටයුතු සිදුකරනවා,ලංකාවේ විශ්ව විද්‍යාල අතරින් විනීතම හා අරගල වලට නොයන සිසුන් ඉන්නේ ඌව පළාතේ අපිට හරිම ආම්බරයි අපි මේ විශ්ව විද්‍යාලෙන් රටට හොද පුරවැසියන් බිහිකරන්න කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
ලුණූගල ප්‍රසන්න පත්මසිරි