saravita-anim2

2025 ජුලි මස 26 වන සෙනසුරාදා

2025 ජුලි මස 26 වන සෙනසුරාදා

Latest News - timelapse 3900 hours ago

LATEST

මහේස්ත්‍රාත්ගේ මෝටර් රථය කොල්ල කෑ සැකකරු භාවිත කළ සිම්පත ගැන තොරතුරු හෙළිවේ

calendar_today 2023 පෙබ 13 - 22:51 remove_red_eye - 833  

වර්ෂ 1960 න් උපන් එම නම හිමි හැඳුනුම්පත අයත් කාන්තාව සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඇය මීට වසර කිහිපයකට ඉහත දී මියගොස් ඇති බවත් ඇයගේ පුතු දෙහිවල ප්‍රදේශයේ අයෙකු වන තදින් මත් කුඩුවලට ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය කියයි.

වී මිලදී ගැනීමට සහ පවුල් ලක්ෂ 20ක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබාදීමට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,000කට හිඟ විශ්‍රාමික පාරිතෝෂික ගෙවීමට මන්දපෝෂණය අවම කිරීමට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට- කඩිනමින් මුදල් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

Read More

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා දැනුම් දීමට නියමිත අවසන් තීරණය ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව හමුවී සාකච්ඡා කරන ලෙස ජාතික සභාව අද (13) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Read More

මහ කන්නයෙ වී අස්වැන්න මේ වන විට පුත්තලමේ ගොවින් නෙළමින් සිටිති. නමුත් නෙළා ගන්නා අස්වැන්න තුට්ටු දෙකට මීලදි ගැනිමට මහා පරිමාන වී මුදලාලිලා තම තැරැව්කරුවන් හරහා සියලු කටයුතු කරමින් ඇත්තේ ගොවින් මාස හතරකට ආසන්න කාලයක් විවිධ බාධක මැද තම දහඩිය වගුරමින් සරුකල අස්වැන්න බව ඔවුහු පවසති.

Read More

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක් මගින් මැතිවරණයට මුදල් නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

Read More

සිගරට් බදු අයකිරීමට විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වසර තුළදි රජයට ලබා ගත හැකිව තිබූ රුපියල් බීලියන 50කට ආසන්න මුදලක් රජය අහිමිකර ගන්නා බවට අධ්‍යනවලින් සනාථ වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) පවසයි.

Read More

තුර්කි - සිරියා භූ කම්පනය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 36,000ක් ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

මධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

Read More

චීන මෝටර් රථ සම්බන්ධයෙන් විදේශීය වෙලඳපොලවල ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉහළ යන අතර 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදීද චීනයේ මෝටර් වාහන අපනයනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි එරට වාහන අපනයනකරුවෝ විශ්වාසය පළ කරති.

Read More

තෙල් පෝලිම් ඇති වීම වැලැක්වීමට මම යෝජනා කලේ මීට වසර දෙදහකට පෙර රෝමන් අධිරාජ්‍යය තිරිගුපිටි පෝලිම් නැති කරන්න භාවිතා කළ ක්‍රමයමයි. කාලය ගෙවී ගියත් මේ ප්‍රශ්නයට තියෙන්නේ විසඳුම් දෙකක් විතරයි. ඒ තමයි එදා රෝම අධිරාජ්‍ය කරපු විදිහටම මිල වැඩි කිරීමෙන් ඉල්ලුම කළමනාකරණය කිරීම. සලාකයක් හඳුන්වාදීමෙන් සැපයුම කළමනාකරණය කිරීම.

Read More

තම එකොළොස් හැවිරිදි බාල සහෝදරයාට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන අයියා ඊයේ (12දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගරාසන්නයේ ගමක පදිංචි, 22 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

Read More

ජලයේ ගිල්විය හැකි මෙන්ම ගුවන්නේ පියාසර කළ හැකි ඩ්‍රෝනයක් පිළිබඳව මූලාකෘතියක් නිර්මාණය කිරීමට චීන පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

Read More

දෙමටගොඩ ජලශක්ති දුම්රිය එංජින් රියදුරන් ආරමභ කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කර තිබේ.

Read More

’’අද හදිසි වෙඩි ප්‍රහාරයක් මට එල්ල වෙනවා. ඒ වෙඩි ප්‍රහාරයත් එල්ල වෙනවාත් සමගම මොකක්ද වුණේ කියන්න දන්නේ නෑ. මගේ ජීවිතයට දැඩි අනතුරක් තියෙනවා මේ වෙලාවේ. කුමන හේතුවක් නිසා කවුරුන් මෙම වෙඩි ප්‍රහාරය තිබ්බද කියලා නිශ්චිත හේතුවක් නෑ.නැගෙනහිර, මඩකලපුවේ මම අවුරුදු 30ක් ගත කළත් මෙවැනි වෙඩි ප්‍රහාරයකට මුහුණ දුන්නේ නෑ. මේ ගැන කනගාටුවක් තියෙනවා.’’

Read More

දුම්රිය ඒන්ජින් රියදුරන්ට විවිධ කොන්දේසි පැනවීමට තමයි ඔවුන් විරෝධය දක්වන්නේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයට සේවයට පැමිණෙන මේ කණ්ඩායම්වල පැමිණීම හා පිටවීම පිළිබඳ දැඩි අධීක්ෂනයට ලක්වීම තමයි මේ සදහා හේතුව වෙලා තියෙන්නේ.

Read More

ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඇතිවන කාර්යපටිපාටි ම ය ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට, එරට සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බවට ඇමැතිවරයා සහතික විය.

Read More

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන් වැඩ සිටි කාමරයට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

Read More

එයා බෑග්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සමාගම් කිහිපයක් වාහන මාදිලි කිහිපයක් වෙනුවෙන් නැවත කැඳවීම් කර තිබේ. අදාළ මාදිලිවල වාහනවල පවතින ඉදිරි පස මගී අසුනේ හා රියදුරු අසුනට අදාළ එයා බෑග් මේ අනුව ප්‍රතිස්ඨාපනය කරනු ඇත.

Read More

රජයේ රෝහල්වල පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව තිබේ. පිළිකා රෝගීන් වෙනුවෙන් වූ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් පැවැතීමද කැපී පෙනෙයි.

Read More

ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමත් සමග ජනවාරි මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 161.8ක ආදායමක් උපයා ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.

Read More

හලාවත මුහුදේ දිය නාමින් සිටියදි දිය රළකට හසුව අතුරුදහන්ව සිටි සාගර විශ්ව විද්‍යාල සිසුවාගෙ සිරුර අද (13දා) අලුයම ඉරණවිල අඹකදවිල මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයින් විසින් ගොඩබිමට රැගෙන විත් තිබූ බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන්ද විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූය.

Read More

මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සම්පත් ආරියසේන මහතාව නවීන පන්නයේ දෙමහල් නිවසේ බැල්කනියේ සිරකල පුද්ගලයෙකු සුඛෝපභෝගී නිල මෝටර් රථය කොල්ලකා පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Read More

අද බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින බවත් වී අස්වැන්න වැඩිවුණත් සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට පළමු ණය වාරිකය කඩනමින් ලැබෙන බවත්, එම මුදල ලද විගස මෙරට ඩොලරයේ වටිනාකම අඩුවිම තුළින් ඉහළ ගොස් ඇති භාණ්ඩ මිල සිඝ්‍රයෙන් පහළ බසින බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (11) සිදු කෙරිණි.

Read More

හදිසි සහ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇතැයි වාර්තා වෙයි.

Read More

මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මේ වනවිට පුද්ගලයන් 30,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

මෙවර මහ කන්නයේ වී අස්වැන්නේ වී කිලෝව රුපියල් 100 බැගින් මිලදී ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.