උතුරු නැගෙනහිර හෙට පූර්ණ හර්තාලයක්
මුලතිව් මහේස්ත්රාත් ආර්. සර්වනරාජා මහතාගේ ඉල්ලා අස්වීමට සාධාරණයක් ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහිම එළඹෙන 20වැනිදා පූර්ණ හර්තාලයකට සහාය ඉල්ලා එම පළාත්හි දේශපාලන නියෝජිතයන් විසින් ඉල්ලීමක් කර තිබේ.
මන්නාරම, වවුනියාව සහ යාපනය දිස්ත්රික්කයන්හි දෙමළ දේශපාලන නියෝජිතයන් විසින් විශේෂ රැස්වීම් පවත්වමින් උතුරු නැගෙනහිර ස්වේච්ඡා සංවිධානයන්, සිවිල් සංවිධාන, බස්සංගම්, ත්රිරෝදරථ සංගම්, වෙළෙඳ සංගම් නියෝජිතයන්ටද මේ බව දැනුම්දෙමින් එම සංගම්වලින් හර්තාලයට සහාය ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ නියෝජිතයන් මෙන්ම වෙනත් දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද මෙම රැස්වීම් වෙත සහභාගි වෙමින් පවසා ඇත්තේ, මේ වනවිට එළඹෙන 20වැනිදාට උතුරු නැගෙනහිර පූරණ හර්තාලයක් ක්රියාත්මක කිරීම සඳහා සියලුදෙනාගේ පූර්ණ සහාය ලැබී ඇති බවයි.
එහිදී එම නියෝජිතයන් විසින් වැඩිදුරටත් පවසා සිටින්නේ, මුලතිව් මහේස්ත්රාත් ආර්. සර්වනරාජා මහතා ඉල්ලා අස් වී ඇත්තේ, තමන්ට ජීවිත තර්ජන ඇති බවත්, මේ වනවිට ඒ මහතා ජීවිත ආරක්ෂා වෙනුවෙන් විදෙස්ගතව සිටින බැවින් වහාම අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් සිදුකර ජීවිත තර්ජනයන් එල්ල කරන ලද පාර්ශ්වයන් කවුරුන්දැයි යන්න හෙළිකර නීතිය ක්රියාත්මක කරන ලෙසයි.
-
Deepal Nirosh Thursday, 19 October 2023 03:16 AM
තමනට ජීවිත තර්ජනයක් එල්ල කරා නම් කොහොමද කවුද මොන දුරකථන අංකයකින් ද යනා දී තොරතුරු සහිතව ආසන්න පොලිසියට පැමිණිල්ලක් කල යුතුයි. මට නම් දැනෙන විදියට මෙතන එහෙම පැමිණිල්ලක් ලැබී නැහැ. ඉතින් කොහොම ද පරීක්ෂණයක් අරඹන්නෙ. ඒකට පිලිගත හැකි නිමිත්තක් එපායැ. මට පෙනෙන්නෙ මෙතනත් තියෙන්නෙ අර ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවක් වරෙක කරපු රඟපෑමට සමාන දර්ශන පෙළක ඇරඹුමක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

