දෙහි, මාළු මිරිස්, අමු මිරිස් අදියේ මිල හැර අනෙකුත් සෑම එළවළු වර්ගයකම මිල විශාල ලෙස අඩු වීම හේතුවෙන් ගොවිජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබේ.
දෙහි කිලෝවක තොග මිල රුපියල් 1,500ක් බවට ඊයේ (17දා) දිනයේදී පත්ව තිබූ බවත්, මාළු මිරිස් හා අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 300ත් රුපියල් 350ත් අතර මිලක් ගෙන තිබූ බවත් සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ පොළ සමිතිය සඳහන් කරයි.
ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 20ත් රුපියල් 30ත් මිලකටත්, වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 30ක මිලක් දක්වා පහත වැටී තිබූ බවත්, කැරට්, ගෝවා, තක්කාලි ඇතුළු බෝහෝ එළවළුවල වර්ගවල කිලෝවක තොග මිල රුපියල් 100ක් දක්වා පහත වැටී තිබූ බවත් එම සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා පැවසීය.
බොහෝ ප්‍රදේශවලට පවතින තද වැසි නිසා තොග වෙළෙඳුන්ගේ පැමිණීම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ගොවිජනතාවට අස්වැන්න විකුණා ගැනීමේදී ගැටලුවට මුහුණදීමට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
දෙහි තොග ලැබීම් විශාල ලෙස අඩුවීම නිසා දෙහි මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, මේ අනුව සමහර ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියිල් 1,800ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මීට අමතරව තලබටු හා වැටකොළු තොග ලැබීමද යම් ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවත් එච්.එම්. උපසේන මහතා සඳහන් කළේය.
අනෙකුත් එළවළු වර්ගවල තොග ලැබීම සාමාන්‍ය ලෙස පවතින බවත්, එහෙත් තොග වෙළෙඳාම 40෴කින් පමණ අඩුවීම නිසා ඊට සාපේක්ෂව සිල්ලර වෙළෙඳාමත් අඩු වී තිබෙන බැවින් ව්‍යාපාරිකයන්ට පවා ආදායම් අඩු වී ඇතැයි ඒ මහතා පවසා සිටියේය.