පසුගිය දිනවල රු.980- රු.1050 අතර මුදලකට අලෙවි වූ කුකුළු මස් කිලෝවක මිල ඊයේ (18දා) රු.1200- රු.1300 දක්වා ඇතැම් ප්‍රදේශවල ඉහළ ගොස් තිබේ. කොළඹ අවට ප්‍රදේශ සැලකීමෙහිදීත් සමහර වෙළෙඳ සැල්වල හම රහිත කුකුළු කිලෝවක් රු.1200-රු.1250අතර මිලක් ගෙන තිබූ අතර හම සහිත කුකුළු මස් කිලෝවක් රු 1150-රු. 1200 අතර මිලකට අලෙවි විය.
කුකුළු මස් මිල ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන නිසා විදේශ රටවලින් ගෙන්වීමට හා පාලන මිලක් නියම කිරීමට සැලසුම් කර තිබෙන බවට ආණ්ඩුව පසුගිය කාලයේදි ප්‍රකාශ කෙරිණ. මේ අනුව වෙළෙඳ අමාත්‍යවරයා හා කුකුළු මස් ව්‍යපාරිකයන් අතර සාකච්ඡාවක්ද පැවැත් වූ අතර, මෙම සාකච්ඡාවට අනුව පසුගිය මස 22 වන දින සිට කුකුළු මස් කිලෝවක මිල රු.200කින් අඩු කරන බවට ප්‍රකාශ විය. එදින සිට රු.1000කට ආසන්න මුදලකට කුකුළු මස් අලෙවි කිරීමට ව්‍යාපරිකයන් විසින් කටයුතු කරනු ලැබිණ.
කුකුළු මස් මිල අඩු කිරීම නිසා විදේශ රටවලින් කුකුළු මස් ගෙන්වීමේ හා පාලන මිලක් නියම කිරීමේ සැලසුම් තාවකාලිකව ඉවත් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ අතර, මේ වන විට ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ක්‍රමානුකුලව කුකුළු මස් මිල ඉහළ දමමින් තිබෙන බව පරිභෝගිකයෝ සඳහන් කරති. බිත්තරයක මිල පවා ඇතැම් ප්‍රදේශවල රු. 50 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර සතොස හරහා රු. 35 කට අලෙවි කිරීම ආරම්භ කළ මුල් අවස්ථාවෙහිදී දේශීය බිත්තරයක් රු. 43 - රු. 45 අතර මිලකට අලෙවි විය.