බලපත්‍ර නොමැතිව රිය පදවා පොලිස් නිලධාරියෙකු හට අධිකරණ සේවයේ නිලධාරියකු බවට අසත්‍ය තොරතුරු පවසා එම ස්ථානයෙන් පලායාමට උත්සාහ කළ සැකකරුවෙකු හා සැක කාරියක 19 දා අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 51, ගාලු පාර ,ගල්කිස්ස යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු හා අංක 3/1,මල්ලික මාවත ,ටෙම්පල් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පදිංචි දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා කොළඹ සිට නුවර දෙසට ගමන් කරමින් සිටියදී වරකාපොළ නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු ඔවුන් පැමිණි ප්‍රාඩෝ ජිප් රථය නවතා රියදුරුගෙන් වාහනයේ බලපත්‍ර ඉල්ලා සිටි අවස්ථාවේදී රියදුරු විසින් රියදුරු බලපත්‍රය නොමැති බවත් රථයේ ඉදිරි අසුනේ සිටි කාන්තාව පෙන්වා ඇය ඇඹිලිපිටිය ගරු මහේස්ත්රාත්තුමිය බවට ප්‍රකාශ කර ඇත.
අනතුරුව නිලධාරියා විසින් ඉදිරි අසුනේ වම් පස අසුනේ හිඳ සිටි කාන්තාව අසලට ගොස් ඇයගෙන් ඔබතුමිය ඇඹිලිපිටිය ගරු මහේස්ත්‍රාත් තුමිය ද යන්න විමසූ අවස්ථාවේ දී එම කාන්තාව විසින් ඔව් යනුවෙන් පොලිස් නිලධාරියා හට පිළිතුරු ලබා දී ඇත.
පසුව නිලධාරියා විසින් අධිකරණ සේවයේ ලබන නිල හැඳුනුම්පත ලබා දෙන ලෙසට ඇයගෙන් ඉල්ලා ඇතත් ඇය විසින් සේවා හැඳුනුම්පත රැගෙන නොආ බවට පැවසීමත් සමඟ ඇය සම්බන්ධයෙන් සැක සිතූ පොලිස් නිලධාරියා විසින් ඇඹිලිපිටිය අධිකරණයේ රාජකාරි යෙදී සිටින පොලිස් නිලධාරියා සිය ජංගම දුරකථනයෙන් අමතා තොරතුරු විමසා බැලීමේදී එම අවස්ථාවේ ඇඹිලිපිටිය ගරු මහේස්ත්‍රාත් තුමිය අධිකරණ ශාලාවේ සේවයේ යෙදී සිටින බව දැනුම් දීමෙන් තිබේ.
පසුව පොලිස් නිලධාරියා විසින් ප්‍රාඩෝ වර්ගයේ ජීප්රථය හා සැකකරුවන් දෙදෙනා වරකාපොල පොලිසිය වෙත රැගෙන විත් අධිකරණ නිලධාරිනියක බවට ප්‍රකාශ ඉදිරිපත් කිරිම සම්බන්ධව හා රජයේ සේවකයෙකු ලෙස අසත්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන්ෙ, වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
වරකාපොල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් (85060) සූරියබණ්ඩාර මහතා විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.