කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට 2018 වසරේ ප්රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට පවරා තිබූ නඩුවෙන් ඇය නිදහස් කරනු ලැබීය.
මෙම නඩුවට අදාළව ඇය ඇප මත මුදාහැර සිටි අතර නීතිපති උපදෙස් මත ඇය නිදහස් කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියම කළේය.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී දුන්නේය.
මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවය.