ලබන වසරේ ජුනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.
මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ, ‘%ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
"පසුගිය කාලයේ අපේ රට දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණදී සිටියා. රටේ ඉන්ධන පෝලිම් ඇති වී තිබුණා. ඒ වගේම ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධනවල පවා හිඟයක් පැවතුණා. ඒ හමුවේ රට පැවතුනේ අසීරු තත්ත්වයකයි. නමුත් අප ඉතා කෙටි කාලයකින් එම තත්ත්වයෙන් ගොඩ ඒමට සමත් වුණා.
2022 ජනවාරි මාසය සැලකීමේදී එය ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සාපේක්ෂව අඩු වූ මාසයක් ලෙස දැක්විය හැකියි. එහිදී බොරතෙල් බැරලයක මිල සඳහන් වුණේ, ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙසයි. නමුත් ඊළඟ මාස කිහිපයක් තුළ එය ඇමෙරිකානු ඩොලර් 65ක් දක්වා වැඩි වුණා. ඒ වගේම රුසියානු - යුක්රේන යුද්ධය ඇතුළු විවිධ හේතු මත තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගියා. නමුත් පසුව එය ඩොලර් 80ක් දක්වා අඩු වුණා.
2022 ජනවාරි මාසයේ සිට මේ ආකාරයට ක්‍රමයෙන් ඉහළ ගිය බොරතෙල් මිල වසර එකහමාරකට පසු මේ වසරේදී තරමක් පහළ ගියා. විශේෂයෙන්ම මේ මස පළමුවැනිදා සිට හයවැනිදා දක්වා ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල 4%කින් පමණ අඩු වී තිබෙනවා" යැයිද පැවසීය.