නොරොච්චොලේ හා කල්පිටිය කෘෂිකාර්මික කලාපයක් කරයි
නොරොච්චොලේ සහ කල්පිටිය ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රට තුළ එළවළු හා පලතුරු අවශ්‍යතාව සපිරීම සඳහා මෙම ප්‍රදේශයේදී පහතරට සහ උඩරට එළවළු මෙන්ම අර්තාපල්ද විශාල ලෙස වගා කෙරෙන නමුත්, වී ගොවීන්ට ලබාදෙන සහන ඊට නොලැබෙන බවට අදාළ ගොවීන් චෝදනා කර තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව අදාළ ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමට හා එමගින් ගොවි ජනතාවට ලබාගත හැකි වාසි සම්බන්ධයෙන් වූ වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම නිලධාරීන්ට උපදෙස්දී තිබේ.
මීට අමරතව එම කලාපය තුළ බහුල ලෙස රසායනික පොහොර හා කෘමිනාශක යොදාගන්නා බැවින් කඩිනම් පාංශු පරීක්ෂාවක් සිදුකරන කිරීමටත් එසේම අවම රසායනික පොහොර හා ජලය භාවිත කරමින් සිදුකරන වගා ක්‍රම පිළිබඳ ගොවීන් දැනුම්වත් කිරීමටද නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

