saravita-anim2

2025 ජුලි මස 20 වන ඉරිදා

2025 ජුලි මස 20 වන ඉරිදා

Latest News - timelapse 3714 hours ago

LATEST

රුපියල නැගිටියි

calendar_today 2023 මාර් 22 - 14:23 remove_red_eye - 1762  

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (22) දිනයේදී ශක්තිමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද විකිණුම් මිල රුපියල් 330.16 වශයෙන්ද දැක්විය.

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ විදුලි කාර්මිකයෙකුගේ අත්දෙක වෙන් වෙන්න කඩුවකින් කපා එය නැවත බද්ධ කිරීමටවත් ඉඩ නොතබා සැකකරු විසින් ඊයේ (21) රැගෙන ගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.

Read More

තමන් නාමල් රාජපක්ෂ මහතා වැල් පාලමෙන් එගොඩ කිරීමට උත්සාහ කරන බවට විපක්ෂය සඳහන් කළත් තමන් ශ්‍රී ලංකා මාතාව වැල් පාලමෙන් එගොඩ කළ බවට මේ වන විට මුළු ලෝකයම පිළිගෙන ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

2022 වසරට අදාළව පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්වධාරීන් 2023 වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට අදාළව පාසල් කඩයිම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සිදුකරන ලබන ජුනි මාසයේදී බදු සංශෝධන ගැන සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව වන සංශෝධිත යෝජනා මහා භාණ්ඩාගාරය සකස් කරමින් සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

සියලු ණය හිමියන්ට සාධාරණව සලකන බවත් කිසිම ණය හිමියෙකුට වැඩ සැලකිල්ලක් නොදක්වන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

සහනදායි බදු පදනම මත වාහන ආනයනය කරන පුද්ගලයන්ගේ මෙන්ම ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබාගන්නා ආයතනවන ලේඛනය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි. අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම මසකටම වරක් විදුලි බිල ගැලපීමට කටයුතු කරනවා.

Read More

මන්නාරම මාන්තෙයි බටහිර අඩම්පන් පොලිස් වසමේ උයිලන්කුලම් ප්‍රධාන මාර්ගයේදී ඊයේ (21) සවස සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් බවත් ලෝකයේ අනෙකුත් රටවල් සමග සැසදීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම පහළම මට්ටමක බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

අයි.එම්.එෆ්. එකඟතාව සමග රටේ මූල්‍ය විනය නීතිගත වෙන බවත් දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති අලුතෙන් හඳුන්වා දෙන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

පසුගිය වසරේ තමන් භාර ගත්තේ ගිනි ගොඩක් තිබූ රටක් බවත් එවැනි පසුබිමක රට භාර ගන්න කිසිවෙකුත් ඉදිරිපත් නොවුණ බවත් ඇතැම් අය කේන්දර බැලූ බවත් ඇතැම් අය ලිස්සා ගිය බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ කාර්ය මණ්ඩලය වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (22දා) පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමට කටයුතු කළේය.

Read More

වැටුප් ගැටලුවක් මුල්කරගෙන අද (22දා) ඇල්පිටිය බස් ඩිපෝවේ රියදුරු කොන්දොස්තර ඇතුලු සේවකයින් වැඩවර්ජනයක නිරතවී සිටිති.

Read More

පාකිස්තානයේ සිදුවූ ප්‍රභල භූමිකම්පාවකින් අවම වශයෙන් මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිය ගණනක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. උතුරු පාකිස්තානයේ සිදුවූ මෙම භූකම්පනය ඇෆ්ගනිස්ථානයට මෙන්ම ඉන්දියාවටද දැනී තිබේ.

Read More

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී සිය හාම්පුතුන් අතින් සහ වෙනත් ප්‍රශ්න ගැටළු වලට ලක් වී , දීර්ඝ කාළයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු 03/22 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (21) තේරී පත්විය.

Read More

උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම සදහා වූ සාකච්ඡාවක් ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read More

නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රීති සම්බන්ධ යෝජනාව අනුමත කිරීම බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. යෝජනාව සම්මත කිරීමට විපක්ෂව ඡන්ද 113ක් හිමි වූ අතර පක්ෂව හිමි වූයේ එක් ඡන්දයක් පමණි.

Read More

ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට පැමිණ අතුරුදන් වූ තරුණයන් සිව් දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් අද පස්වරුව වන විට සොයා ගැනිමට හැකිවූ බව ‌පොලිස් මූලස්ථානය පවසයි.

Read More

වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන ලංගම බස් රථයකට ගොඩවූ පාසල් සිසුවෙකුට කොන්දොස්තරවරයෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් අද (21) උදේ දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Read More

දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව, පහත සඳහන් හේතු මත විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු 2023.04.17 දින සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

වැල්ලවාය ඇල්ලවල ඇල්ලේ දියනාමින් සිටි තරුණයින් සිව්දෙනෙකු අද (21දා) දියේ ගිලී මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

Read More

මහනුවර ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් මත එම ව්‍යාපාරිකයාගේ දාහත් හැවිරිදි පාසල් යන පුත්‍රයා පැහැරගෙන ගිය බව කියන්න පුද්ගලයෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ .

Read More

මීළඟ ඉන්ධන මිල සංශෝධනය සිදුකරන අප්‍රෙල් මාසයේදී ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (21දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බවත් විදේශ විනිමය ශක්තිමත් වූ පසු ආනයන සීමා ඉවත් කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී මාර්ග අංක 450 පානදුර - රත්නපුර අතර ධාවනය වෙමින් තිබූ පුද්ගලික මගි බස් රථයක් හිටි හැටියේ ගෙන් ගිනි ගැනීමෙන් ඒම රථය ම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හොරණ පොලිසිය පවසයි.

Read More

බලශක්ති අංශයේ දැනට සිදුකරන ප්‍රතිසංස්කරණ කඩිනම් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් අනුමත කිරීමේදී සලකා බලන ප්‍රධාන සාධකය ණය තිරසරභාවය බවත් ශ්‍රි ලංකාව තුළ තවමත් ණය තිරසර භාවයක් නැති බවත් ද ඒ මහතා ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෘව මහතා පවසයි.

Read More

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු බන්ධනාගාරය තුළදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි පල්ලෙකැලේ පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.