තමා විපක්ෂයේ අසුන් ගන්නා බවට මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. "අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා.මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න. මම ඉටුකරන්නේ හැට නව ලක්ෂයේ ඉල්ලීම." යැයි ඔහු පැවැසීය.