බාළිකා නිවාසයෙන් දැරියන් තිදෙනෙක් පළා යයි
හිඟුරක්ගොඩ හතමුන බාලිකා ළමා නිවාසයේ නේවාසිකව රැඳී සිටි දැරියන් තිදෙනෙකු 12 වෙනිදා සවස පලායමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙන බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මෙම නිවාසයේ දැරියන් තිදෙනා මේ වනවිට පොලිස් භාරයේ සිටින බවත්, ඒ සම්බන්ධ පොළොන්නරුව රෝහල හන්දියේ පදිංචි පාලිකාව දැනුවත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
හිඟුරක්ගොඩ හතමුන බාලිකා ළමා නිවාසයෙන් පලායමින් සිටී දී එම දැරියන් තිදෙනා හිඟුරක්ගොඩ නගරයේදි
හිඟුරක්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක සුසන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන හිඟුරක්ගොඩ පොලිසියට භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධෙන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත හිඟුරක්ගොඩ පොලිස් ස්ථානාධිපති තුමන් ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
නිමල් ජයරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

