ඉකුත් සතියේ සිට සීග්‍රයෙන් ඉහළ බිත්තර මිල ඉදිරි සතියෙදි අඩු කරන බව පාරිභෝගික වෙළද හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ජා ඇල මහපොළ අධ්‍යපන වෙළද ප්‍රදර්ශන සැණකෙලි භූමියේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර 12 දින මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
"මේ වනවිට බිත්තර ව්‍යාපාරිකයින් බිත්තර තොග රැස්කරගෙන සිටිනවා. ඒ නිසා බිත්තර මිල රුපියල් 57 - 60 දක්වා ඉහළට ගිහින්. මම බිත්තර තොග රැස්කරගෙන සිටින බිත්තර ව්‍යපාරිකයන්ට කිව්වා එම රැස්කරගෙන සිටින බිත්තර වහාම වෙළද පොලට නිකුත් කරන්න කියලා.
නැතිනම් වෙළඳ අමාත්‍යංශයේ නිලධාරීන් එම බිත්තර වෙළද පොලට නිකුත් කරවීමට පියවර ගනීවි. ඉදිරි උත්සව සමයට අවශ්‍ය බිත්තර පාරිභෝගික ජනතාව රැස්කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ. අපි ඉදිරි සතියෙදි බිත්තර මිල පහළට දැමීමට අවශ්‍ය පියවර ගන්නවා.
ඒ වගේම STC ආයතනය හරහා මෙරටට ගෙන්වූ බිත්තර මිලියන පහක් හයක් තියනවා . අපි ඒවා වෙළඳ පොළට නිකුත් කරනවා. බිත්තර තොග රැස් කරන්නන් මේ වැඩේ දිගටම කරන්න ගත්තොත් ජනවාරි මස වනවිට අපි තවත් බිත්තර තොග ආනයනය කිරීමට පියවර ගන්නවා"