saravita-anim2

2025 ජුලි මස 20 වන ඉරිදා

2025 ජුලි මස 20 වන ඉරිදා

Latest News - timelapse 3709 hours ago

LATEST

යූරියා මිල පහළට

calendar_today 2023 මාර් 23 - 17:32 remove_red_eye - 740  

දේශීය වෙළෙඳපොළේ යූරියා පොහොර මිල අඩුකිරීමට යූරියා ලංකාවට ගෙන්වන පෞද්ගලික සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩුකිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අද (23) නිතරඟයෙන් තේරී පත් විය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (23) දිනයේදී තවදුරටත් ශක්තිමත් විය.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව සැකකාරියක ලෙස නම් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබන 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (23) දැනුම් දුන්නේය.

Read More

ඉන්ධන මිල සූත්‍රය හොඳ දෙයක් බවත් ඒ අනුව අඛණ්ඩ සැපයීම සහතික කර ගැනීමට හැකිවූ බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය පහසුකම අනුමත කිරීමේන් අනතුරුව ඒ වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කළ කිරිබත් කන අඥාන මිනිසුන් ශ්‍රී ලංකාවේ සිටින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

Read More

2019 මැතිවරණ ප්‍රචාරක රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන කළ ප්‍රකාශයකට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණය විසින් රාහුල් ගාන්ධි වරකරු කරමින් මෙම දඩුවම නියම කළේය.

Read More

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර ලබාදීම උදෙසා ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයට (UN Women) ඩොලර් මිලියන 1.6 ක් ලබා දෙන ලදි.

Read More

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි. ගැටලු කඩිනමින් නිරාකරණය කර නොගතහොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවෙනවා.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක හා ඊට යාපද දේශීය ජල තීරයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අනුරාධපුර නගරාසන්නයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වා ගෙන ගිය කාන්තාවකගේ දියණියට අයත් ලක්ෂ 80කට වැඩි රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ ගෘහ සේවයේ යෙදී සිටි කාන්තාවක් සහ ඥාති පුත්‍රයෙකු ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

පසුගිය මාස හත ශ්‍රී ලංකාවේ දුෂ්කරම කාල සීමාව වූ බවත් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව එය සාර්ථකව කළමනාකරණය කර ගත් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව කිලේ එකක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් අඩුවීමට නියමිත අතර ඊට සමගාමීව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩුකිරීමට නියමිතය. මෙම මිල අඩුකිරීම සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇත.

Read More

එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය අපේක්ෂිත කුඩා අනුපාත වැඩිවීමක් ප්‍රකාශ කිරීමත් ඩොලරය සති හයක අවම මට්ටමකට පැමිණීමත් හේතුවෙන් බදාදා දිනයේදී ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල 2% කින් පමණ ඉහළ ගියේය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් නොපැමිණීම හේතුවෙන් සීඝ්‍රයෙන් එළවළු තොග මිල පහත වැටී අලෙවිකර ගැනීමට නොහැකි තත්වයකට 23 දින උදෑසන සිට පවතින බව ගොවීන්හා වෙළෙන්දන් පවසති.

Read More

සති දෙකක කාලයක සිට පාර්ලිමේන්තුවට බිත්තර නොමැති බවත් කඩවල් 10ක් ගත්තොත් කඩවල් 8කම බිත්තර නොමැති බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

රාජ්‍ය වාණිජ විවිධ සංස්ථාව විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.

Read More

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුගමගේ මහතා පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව තේරී පත්විය.

Read More

අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.

Read More

ජල සම්පාදන සේවකයින් මාර්තු 13 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි ඉල්ලීම් කිසිවකට පිළිගත හැකි ප්‍රතිචාර බලධාරීන්ගෙන් නොලැබීම නිසා එම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

Read More

“බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” මැයි 05,06 සහ 07 තෙදින ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍ර ආශ්‍රිතව මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.

Read More

හොරුන් අල්ලන බවට අනුර කුමාර දිසානායක මහතා දිගින් දිගටමය පවසමින් යන බවත් ඒ අනුව පූර්ණ බලතල සහිතව හොරු ඇල්ලීමේ ඇමතිකම අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන ලෙස තමන් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවැසීය.

Read More

මේ රටේ ලක්ෂ 220 කගේ ජීවිත සමඟ තමන් කිසිවිටකත් සෙල්ලම් නොකළ බවත්, ඔවුන්ගේ ජීවිත මරණයේ දොරටුව වෙත දක්කාගෙන යාමට කටයුතු නොකළ බවත් පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් හමු වූ සෑම අවස්ථාවකදීම පවසා සිටියේ අපේ රටට උදව් කරන ලෙස බවද පැවසීය.

Read More

පිටරටින් ජලය ආනයනය කර පානය කරන පිරිසක් මෙන්ම පිටරටින් ආහාර ගෙන්වා කෑමට ගන්නා මහා ධනවතුන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

අභියෝගාත්මකව විෂයන් අටකින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

යුක්රේනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක් පමණ වටිනා සිව් අවුරුදු මූල්‍ය පැකේජයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් සියයට 4ක පොලියක් අය කරන බව මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. මෙම කරුණු පිළිබඳව ජනතාව සමග සාකච්ඡා කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ පළමු වාරිකය මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

“ආර්ථිකය සංකෝචනය කරලා තමයි මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බලන්නේ. ආර්ථිකය සංකෝචනය වුණාට රජයේ සංකෝචනයක් නෑ. මැති ඇමතිවරුන් වැඩිවෙනවා. තවත් රාජ්‍ය ඇමතිවරුන් පත්කරන්න යනවලු. තවත් ඇමති ලැයිතුවක් හදනවලු. ඒ ඇමති ලැයිස්තුවලට විවිධ අය පොරකනවලු. සංකෝචන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කොට ඇයි ආණ්ඩුව කුඩා කරන්න බැරි. ඇයි අපිට කුඩා ආණ්ඩුවකට යන්න බැරි.”

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ආගමන හා විගමන පාලකවරයාට නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.