සීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඔහු අවධාරණය කර සිටින්නේ ජනතාවගේ අදහස් ලබා ගනිමින් ජනතා අවශ්‍යතාවය මත පමණක් සංවර්ධන ව්‍යාපෘති සිදු කරන බවයි.
ඒ අනුව සෑම ගම්මානයක්ම සංවර්ධනය කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී “කදුකර දශකය” සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගි වෙමින්. එය පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.
කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ හා සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
එක් එක් දිස්ත්රික්කයන්ට ආවේණිකෙ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරවා නිදහස චක්‍රලේඛන හරහා ලබා දී ඇති බවද අමාත්‍යාවරයා අවධාරණය කළේය.
කඳුකර දශකය වැඩසටහන මෙම වසර තුළ දිස්ත්‍රික්ක 10 ක ක්‍රියාත්මක කෙරේ. මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල එම දිස්ත්‍රික්ක වේ.
කදුකර දශකය වැඩසටහන දිස්ත්‍රික්ක 10 හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක ග්‍රාම නිළධාරී වසම් 4,498 ක ක්‍රියාත්මකය. මේ සදහා තෝරාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 200 ට වඩා වැඩි උසකින් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වේ.
මෙහිදී අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සදහන් කළේ මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක, ග්‍රාම නිළධාරී වසම් 569 ක ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ අරණායක, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, රුවන්වැල්ල, වරකාපොල සහ යටියන්තොටයි.
කෑගල්ල දිස්ත්‍රික්කය සදහා සංවර්ධන අරමුදල් වෙන් කෙරෙන ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන් දැනුවත් කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ “කදුකර දශකය” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1,100ක් වෙන් කර ඇත.
කඳුකර දශකය නමින් දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත්තේ මෙරට කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහායි. මෙම වැඩසටහන සදහා මෙවර අයවැයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10,000 කි. මේ යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට රුපියල් මිලියන 100 බැගින් හිමිවේ.
මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන සංවර්ධන කේෂ්ත්‍ර 10 ක් හදුනාගෙන තිබේ. එනම් ජීවනෝපාය, වෙළදපොළ සංවර්ධනය හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, අධ්‍යාපනය, පානීය ජල පහසුකම්, කෘෂි හා සුළු වාරිමාර්ග, විදුලිබල හා පුනර්ජනනීය, දුරකතන හා අන්තර්ජාල, සෞඛ්‍ය හා සනීපාරක්ෂක, පරිසර සංරක්ෂණය හා ආපදා කළමණාකරණය සහ නිවාස පහසුකම් වැඩිදියුණු කිරීමයි. කඳුකර ප්‍රදේශවල ජීවත්වන වතු ආශ්රිත ප්‍රජාවගේ ජන ජීවිතය නඟා සිටුවීමට කඩිනම් හා සැලසුම් සහගත ප්‍රවේශයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.
මෙම ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය කමිටුවල එකඟතාවය ලැබීමෙන් පසුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ මැදිහත්වීම හා සෙසු රාජ්‍ය ආයතන හා ප්‍රදේශීය කාර්යාල පූර්ණ සහයෝගය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති කාර්යාලය, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන අධීක්ෂණය කරනු ලැබේ.