පිදුරුතලාගල කඳුවැටිය සංචාරකයන්ට නැරඹීම සඳහා කඩිනමින් යළි විවෘත කිරීමට පියවර ගත යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය.
දිවයිනේ උසින් වැඩිම සහ අංශක බින්දුව පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කඳුවැටිය නැවත සංචාරකයින් සඳහා විවෘත කිරීමට පියවර ගත යුතුව ඇති බවත්, විශාල වියදමක් දරා මාර්ග පහසුකම් සහිතව සංචාරකයින් සඳහා විවෘත පැවැති පිරුදුරුතලාගල කඳුවැටිය ජනතාවට තහනම් කලාපයක් ලෙස දිගින් දිගටම පවත්වා ගෙනයාම නුසුදුසු ක්‍රියාවක් බවද හෙතම කීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (13) පැවැති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ආණ්ඩුකාරවරයා මේ බව පැවැසීය.
පිදුරුතලාගල කඳුවැටිය අධ්‍යාපනික මෙන්ම, සංචාරක වශයෙන් ඉහල වටිනාකමක් උසුලන ප්‍රදේශයක් බවත්, එය තවදුරටත් ජනතාවට වසා දමා තිබීම කාලෝචිත නොවන බවද ගමගේ මහතා කීය.
එමෙන්ම නුවරඑළිය සඳතැන්න සංචාරක කලාපයේ හිරු උදාව නිරීක්ෂණය කිරීමට දෙස් විදෙස් සංචාරකින් දැඩි ප්‍රියතාවයක් දක්වන බවත්, ඉහල සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයන් සූදුසු ක්‍රමවේදයන් යටතේ ජනතාවට විවෘත කිරීමට සහ ඒ ආශ්රිත සුදුසු පරිදි සංචාරක කර්මාන්ත නගාසිටුවීම කාලීන අවශ්‍යතාවයක් බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා මෙහෙදී වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ