කෝටි ගණනක් වටිනා නිවසකට බලෙන් ඇතුළු වූ හිමිවරුන් දෙනමක් අත්අඩංගුවට
රුපියල් කෝටි ගණනාවක් වටිනා බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ ප්රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනෙකි
තම නිවසේ ඉබයතුරු කඩා හිමිවරුන් තිදෙනෙකු තවත් පුද්ගලයකු බලෙන් රැඳී සිටින බවට නිවසේ හිමිකාරිය බව කියන කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් එම අවස්ථාවේ සිටි වයස අවුරුදු 20 හා 14 පසුවල හිමිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත
මෙම නිවසට එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු හිමිකාරීත්වය දරන අතර හිමිනමක් විදේශගත වූ අවස්ථාවේදී ඇටෝනි බලපත්රයක් මගින් එහි කොටසක් පවරා දුන් බවත් ඒ හේතුවෙන් හිමිකාරීත්වය ඇති පවසා නිවසට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
එම නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් හිමිනමක් සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
