තිරීරෝද රථයකින් කසිප්පු බෝතල් 30 ක් පුවාහනය කිරීම සම්බන්ධව වරද පිළිගත් අයෙකුට රුපියල් හැටඅට දහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්රාත් ජනිතා පෙරේරා මහත්මිය නියම කරනු ලැබුවාය.
තවද මීට අදාළ තිරීරෝද රථය පිළිබඳව විමසීම ලබන මාර්තු මස 15 වැනි දිනට කල් තබන ලදී. .
සපුගස්කන්ද පොලිසිය මගින් අත් අඩංගුවට ගත් මොහු එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද ( 478 ) හා පොලිස් කොස්තාපල් බණ්ඩාර ( 85885 ) යන නිලධාරීහු විසින් අධිකරණයට ඉදිරිපත් කළහ.
මල්වාන ඩබ්ලිව් ඩී එම් විතානගේ