saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 3459 hours ago

LATEST

ජනපතිගේ විදෙස් සංචාර ගැන එල්ල වන විවේචන පදනම් විරහිතයි

calendar_today 2024 පෙබ 01 - 20:10 remove_red_eye - 578  

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනාත්මක ප්‍රකාශ සිදුකළත් ඒ සියලූ ප්‍රකාශ පදනම් විරහිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ නව තෙත් බිම් තුනක් රැම්සාර් සම්මුතිය යටතේ තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු වැඩිවීමක් නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු වැඩිකිරීමට ප්‍රමාණවත් අයුරින් කිලෝමීටරයක ධාවන පිරිවැය ඉහළ නොයන බැවින් මෙසේ බස් ගාස්තු ඉහළ නොයන බව කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

Read More

මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට ඒ වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110ක් දක්වා වැඩිකරමින් එළඹෙන මාර්තු මාසයේ සිට එම ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එසේම හෙට දිනයේදී ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

Read More

76 වන නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා උදව් කරන දීර්ඝ කාලීන මිතුරෙකු වන ඇමරිකනු එක්සත් ජනපද රජය විසින් ශ්‍රි ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක ප්‍රධානයක් ලබා දී ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

Read More

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.02.03 දින හම්බන්තොට හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි. ‍

Read More

අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතය.

Read More

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රටට විදෙස් මුදල් එවීමට එපා යැයි කියද්දී පවා ඔවුන්ගේ යුතුකම ඉටු කරමින් ඩොලර් බිලියන අටයි දශම නවයක් (8.9) විදෙස් ශ්‍රමිකයන් තම මවුරටට සැපයූ බවයි. ඒ හේතුවෙන් මේ වන විට ඩොලර් බිලියන හතරයි දශම පහක(4.5) සංචිතයක්තයක් රට තුළ පවත්වා ගැනීමට පවා හැකි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

Read More

දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල වන කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමිල රුවන් ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ පුතා සහ සහෝදරියක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Read More

ඉන්ධන මිල වැඩිවීම හමුවේ මේ මාසයේ (පෙබරවාරි)සිට පාසල් ළමයි ප්‍රවහන ගාස්තු ඉහළ දැමීමට සිය සංගමය අද(1) පෙරවරුවේදී තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සේවා සංගමය කියයි.

Read More

පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

Read More

ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. ජනවාරි පළමු දින සිට 30 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 ක් පැමිණ තිබේ.

Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති රෝහල් කටයුතු සාමාන්‍ය මට්ටමට ගෙන ඒ්ම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ‌‌යොදවා තිබේ.

Read More

ඒ අනුව අද (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත හා මාර්ගගත නොවන අංශ දෙක සඳහාම අදාළවන පරිදි රුපියල් 5,000ක්ව පැවති සාමාන්‍ය සේවා විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10,000 දක්වා ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

Read More

හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ පිළිකුලක් මෙන්ම ප්‍රශ්නයක් තිබෙනව බවත්, කෙසේ වෙතත් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අත්තනොමතික ක්‍රියා නිසා පක්ෂය හැර නොයන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අන්යුක්තව සේවය කරනු ලැබූ ග්‍රාම නිලධාරී වරයෙකු රුපියල් දසදහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත ඊයේ (31දා) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසා සිටි

Read More

හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා රු.35000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අද(01දා) උදේ 6.30 සිට වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

Read More

අරලියගහ මන්දිරියේ රාජකාරී යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.

Read More

2019 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එවකට අගමැතිවරයා ලෙස මා පැමිණියා. අද මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පැමිණ තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනය ආරම්භ කිරීමට පූජ්‍ය හැවැන්පොළ රතනසාර ස්වාමීන් වහන්සේ සිදුකළ මෙහෙය ඉතා විශිෂ්ටයි. ඒ වගේම කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශාල කැපවීමක් සිදු ක

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු සියයට 50.23ක බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබා තිබේ.

Read More

ජනවාරි මාසයේ දී මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

Read More

අධිකරණ තීන්දුවට එරෙහිව යමින් සාමකාමී උද්ඝෝෂණයට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

2023 වර්ෂයේ දී අවුරුදු 18ට වඩා අඩු ගැබිණියන් 167 ක් වාර්තා වී තිබෙන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.

Read More

ඇලයාපත්තුව පොලිස් වසමේ ගල් කඩවල ප්‍රදේශයේ අඹ වත්තකට අයුතු ලෙස ඇතුළු වී අවස්ථා හතරකදී ලක්ෂ 12ක් වටිනා ටී.ජේ.සී. වර්ගයේ අඹ කිලෝ 6000ක් සොරකම් කල බව කියන පුද්ගලයෙකු පෙරේදා (29 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.

Read More

සුසිල් ප්‍රේමජයන්ත සහ රොෂාන් රණසිංහ යන මැතිතුමන්ලා දැන් වෙනම සන්ධාන ඇති කරගෙන තිබෙනවා . මේ අය තමයි මීට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කලේ. එදා ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කල අය දැන් දෙකට බෙදිලා වෙන වෙනම සන්ධාන හදාගෙන රැලි පවත්වනවා . අපිත් එක්ක එකට ඉන්න බැරි අයට බෙදිලා ගිහිල්ලත් ඉන්න බැහැ.ඒ අයගෙත් වෙනම දේශපාලන මතයක් ඇති .ඒක ප්‍රකාශ වෙන්නත් ඕනා . කෙසේ වෙතත් මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක්ෂණයක්. අලුත් පක්ෂ නිර්මාණය වෙන්න

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.