හෝමාගම සිට අඳුනක් බලමින් දුරකථනය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව කිරිවත්තුඩුව මැද්දහේන වත්ත ප්‍රදේශයේ තාප්පයකින් වටවූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
ජනතාවට සවන් දෙමින් උසස්පෙළ විභාගයේ උත්තරපත්‍ර පරික්ෂා කිරිමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. කොළඹදි පැවැති මාධ්‍ය හමුවකචදී ඔවුන් මේ බව පැවැසිය. කෙසේ වෙතත් වෘත්තිය ක්‍රියාමාර්ගය වෙනත් පැතිකඩ ඔස්සේ ඉදිරියට ගෙන යන බවත් ඔවුන් සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreමැයි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
Read Moreඅයිඑම්එෆ් සාකච්ඡා වලදී ආණ්ඩුව මුල සිටම දැරූ ස්ථාවරය වූයේ දේශීය ණය ප්රතිව්යුහකරණය නොකරන බව වුවද මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟ වී ඇති අතර එය විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට පූර්ව කොන්දේසියක් බවටද පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreජාපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම හා විස්සයි20 තරග පහකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා නැගී ඒන ක්‍රිකට් කණ්ඩායම ජපානෙය් සංචාරයකට ඒක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreජනපති රනිල් වික්රවමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති හෙයින් ඔහු නැවත දිවයිනට පැමිාණෙන තෙක් වැඩබලන ආරක්ෂවක ඇමති ලෙස ආරක්ෂ්ක අමාතයගොස ප්‍ර මිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර ඇති බව රජයේ ප්රආවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලොවට බෞද්ධ කොඩිය හඳුන්වා දුන් කොළඹ කොටහේන දීපදුප්තමාරාම විහාරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බෞද්ධ ධජය ඔසවමින් 2567 වන ජාතික වෙසක් සතිය 2023.05.02 දින ආරම්භ කරන අවස්ථාව අලංකාරවත් කරමින්,ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරමින් ආසිරි මල් ඉසීමද සිදු කෙරුණී.
Read More2022-2023 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කොරල්කෝව් මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 02 වන දින උදෑසන සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් ධීවර දැල් භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreලබන ජූලි මාසයේදී විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු මධ්‍යාහ්න 12.00ට නිමා කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරීයා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.
Read Moreවරකාපොල, අඹේපුස්සේදී ස්කැමල් රථයක් කොළඹ - නුවර මාර්ගය හරහා පෙරළී යාමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතාඊයේ (03දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
Read Moreප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව සිරගතව සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සින්හාරගේ ගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු ගේ අපරාධ සම්බන්ධයෙන් වූ අපරාධ වාර්තා අද (3දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චාල්ස් කුමරුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා 05/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreවැලිගම, පැලෑන ප්‍ර දේශයේදී අතුරු මාර්ගයකින් ධාවනය කළ ත්‍රි රෝද රථයක් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමේදි මාතර සිට මහනුවර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු, පසුපස ගමන් කළ මවක් හා පාසල් ගොස් නැවත නිවස බලා යමින් සිටි ඇගේ පිරිමි දරුවන් තිදෙනෙකු හා තවත් පිරිමි පුද්ලයෙකු බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreමෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචී කර ඇති දන්සල් සංඛයාව 125ක් බව කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.
Read Moreමෙවර යල කන්නයේ දී මෙරට වී වගා කිරීමට අපේක්ෂිත ඉළක්කය කුඹුරු හෙක්ටයාර් 602,247ක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය හා ශ්‍රී ලංකා රේගුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට අනුමැතිය හීමවී ඇත.
Read Moreමහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරීත්වය යටතේ කළමණාකරණය කිරීමට අනුමැතිය ලබාදීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreලිට්රෝ ගෑස් මිල සංශෝධනය වුවද ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද (3) පැවසීය.
Read Moreලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කළ බවත් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,638 ක් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පස්වරුවේ පැවසීය.
Read Moreගෑස් හා තෙල් අඩුවූයේ රුපියල ශත්කිමත් වීම හා ලෝක වෙළඳපලේ මිල අඩුවීම නිසා ගෑස් හා තෙල්මිල අඩුවූයේ රුපිලය ශක්තිමත් වීම හා ලෝක වෙළඳපලේ තෙල්මිල අඩුවීම නිසා බවත් යම් හෙයකින් ලෝක වෙලඳපලේ තෙල් මිල වැඩි වුවහොත් හා රුපියල පිරිහීමට ලක්වුවහොත් නැවතත් තෙල් මිල වැඩි විය හැකි බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය
Read Moreමෙම වර්ෂයේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් සහිතව සේවයේ වාර්තා කිරීමට ඉඩකඩ සලසා දිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ දැනට පවතින 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ පනත සංශෝදනය කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
Read Moreමේ වසර සඳහා රුපියල් බිලියන 4979 ක දළ ණය ගැනීමේ සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read More2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කළේය.
Read Moreවිශාල අර්බුදයක් වළක්වා ගැනීමට සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීම සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් කර ඇති දිරිගන්වනසුලු කාර්යය ගැන ප්‍රසාදය පළකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා පැවැසීය.
Read More