saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 3 hours ago

LATEST

පස් කන්දට යටවූ තිදෙනාගේම සිරුරු ගොඩ ගනියි

calendar_today 2025 සැප් 29 - 11:24 remove_red_eye - 305  

(UPDATE) 12.35 P.M. මාවනැල්ල, මාණික්කාව ප්‍ර දේශයේ තාප්පයක් බදිමින් සිටි කම්කරුවක් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම පස්කන්දට යටවී සිටි කම්කරුවන් තිදෙනාගේ සිරුරු මේ වන විට ගොඩගෙන තිබේ.

තායිලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක රූ රැජින තරගාවලියට (Miss Grand International - 2025 ) සහභාගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටිෂානි පෙරේරා මෙනෙවිය 09/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .

Read More

නුවරඑලියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයෙදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතර වීමෙන් සිදු විමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බව වලපනේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

Read More

මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව තිබු වාහන 96ක තොරතුරු කිසිවක් සොයා ගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

ඇමරිකාවේ මිචිගන් හී පල්ලියටකදී එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව සඳහා අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීම සඳහා නොවැම්බර් මස 07 වැනි දින පැවැත්වීමට නියමිත ඡන්දය සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති උඩරට රාජධානියේ රජමහා විහාර භාරකරුවන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඡන්දයට මාසයකට පෙර එය නිරාකරණය කර නොගතහොත් එම ඡන්දයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත කියයි.

Read More

මිචිගන් පල්ලියකට තුවක්කුකරුවෙකු වාහනයක් පදවාගෙන ගොස්, වෙඩි තබා ගොඩනැගිල්ලට ගිනි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොට්ටාව පොලිස් වසමේ රුක්මලේ පාර, කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400 ක්, විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, ටී-56 පතරොම් ගැබක්, ව්‍යාජව සකස්කල වාහන අංක තහඩු 30 ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ සහතිකපත් 15 ක් හා ජංගම දුරකථන දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇත.

Read More

පාකිස්ථානය කඩුලු හතරකින් පරාජයට පත්කරමින් 2025 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රභල ඉන්දීය කණ්ඩායම සමත්විය. ඩුබායිහි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 146ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 6ක් වැය කරමින් තරගය ජයග්‍රහණය කළේය. තරගවලියේ වීරයා ලෙස ඉන්දියාවේ අභිෂේක් ෂර්මා සම්මාන ලැබූ අතර තරගයේ වීරයා ලෙස ඉන්දියාවේ තිලක් වර්මා සම්මාන ලැබීය.

Read More

දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.

Read More

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බරපතල තත්ත්වයක් බවත් මැඩලීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති. උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියේ අද (28) අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

Read More

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ කාන්තාවක් එන්ජිමේ ගැටී එන්ජිම තුල සිරවි සිටියදී අනතුර සිදු වූ ස්ථානයේ ගැරේජයක සේවක පිරිසක් සහ එම ගැරේජය අයිති හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා විසින් එම කාන්තාව එන්ජිම තුලින් ඉවතට ගෙන (28) දින දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.

Read More

ඉන්දීය සුපිරි නළු විජේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවත්වූ දේශපාලන රැලියක් අතරතුර ඇති වූ තෙරපීමකින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව නිලධාරීහු පවසති.

Read More

රතනපුර දිස්ත්‍රික්කයේ සිංහරාජය වනාන්තරය හා අවට වනාන්තර ආශ්‍රීතව ශාක වර්ග හාරසිය තිස් නමයක් (439) වද වීමට ලක්ව ඇති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ විද්‍යා හා තාක්ෂණ අධ්‍යන අංශයේ ව්‍යාහරික විද්‍යා පීටයේ මහාචාර්ය සිසිර එදිරිවීර මහතා පැවසිය.

Read More

විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් සිදු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඳරවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමකදී මෙම අපරාධ අණාවරණය වී තිබේ.

Read More

උඩරට කඳුකරයේ මාර්ගවල රථ වාහන අවම කිරීමේ අරමුණින් “තවත් ටිකක් පරිස්සමින්” වැඩසටහන යටතේ කඳුකරයේ දැඩි බෑවුම් සහිත මාර්ගවල ආරක්ෂිත පැති බැමි සහ රියදුරන් දැනුවත් කිරීමේ මාර්ග සංඥා පුවරු සවි කිරීමේ වැඩසටහනක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කොට තිබේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.

Read More

නුවරඑළිය ප්‍රදේශයේ මිටර් 1,895ක උසින් යුතු ක්‍රිඩා අමාත්‍යංශයට අයත් හෙක්ටයාර් 34.5ක ඉඩමක ඉදිකිරිමට සැලසුම්කොට තිබු ක්‍රිඩා සංකිරණයක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය නවතා දැමිම හේතුවෙන් මෙකි ව්‍යාපෘතිය සදහා ණය සැලසුම් ගාස්තු ලෙස ගෙවා තිබු රුපියල් පන්කෝටි, දසලක්ෂ,හතලිස්හත්දහස් විසිඑකක මුදල (51,047,021) නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

ලොව උසම පාලම නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ අද උදෑසන ගමනාගමනය සඳහා විවෘත කරන ලද චීන මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක ඉදිකිරීම් වලින් පසු ග්‍රෑන්ඩ් කැනියන් හරහා ගමන් කාලය පැය දෙකක සිට මිනිත්තු දෙකකට මේ හරහා අඩුවෙයි.

Read More

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ

Read More

මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් 70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් සොරකම් කොට එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමග යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කු අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ. ඒ අනුව එම අනතුරින් අපවත්වූ හිමිවරුන් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ

Read More

2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත්, එය නොවැම්බර් මාසයේදි ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසීය.

Read More

රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පිරිමි දරුවෙකු මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව රඹුක්කන පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

Read More

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර ම නුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.

Read More

වැව් රක්ෂිත රජය විසින් මායිම් සලකුණු කළද ඒවායේ ඇති ගොවිතැන්, පදිංචි අය, ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් ඒවා විධිමත් අයුරින් එම අයටත් නැවත ලබාදීම සහ ඉවත් කළ යුතු අයට වෙනත් විකල්ප ස්ථාන ලබාදීම සඳහා රජයේ අවධානය යොමුවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල මහතා 27 දින පැවසීය.

Read More

අප බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණයි ශ්‍රී ලංකාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් තැබූ පියවර ආපසු හරවන්නේ නැහැ වසරක් වැනි කෙටි කාලයක් තුළ රටේ සියලු ක්ෂේත්‍රවල තීරණාත්මක හැරවුමක් සනිටුහන් කළා

Read More

“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පිහිටුවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ගාල්ල මාපලගම දී ජනතා අයිතියට පත් කෙරේ.

Read More

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඊයේ (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

Read More

ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාණ්ඩුව සීනි කර්මාන්ත ආයතනය කාබනික සීනි නිෂ්පාදනය කිරීම (26) වෙනිදා ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාබනික සීනි නිෂ්පාදනය ඇරඹුවේ ඇතිමලේ ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගමයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.