දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමේ අවධානමක් නිසා ඉවත් කෙරුණු කොත්මලේ වැවන්ඩන් වතුයායේ පවුල් 25ක ජනතාවෙන් පවුල් 15ක් පමණ තමන්ට කූඩාරම්වල ජීවත්විය නොහැකි නිසා ගල් පෙරලීමේ අවධානමක් ඇති එම ජනතාව කලින් විසූ නිවාසවලම පදිංචි වී ඇති බව දැනට කූඩාරම්වල පදිංචිකරුවන් කියා සිටියි.
වියලි කාලගුණය පවතින අවස්ථාවල අවධෘනම් සහිත නිවාසවලත් වැසි පවතින දිනවල කූඩාරම්වලත් මාස 8ක් තිස්සේ තමන් විවිධ දුෂ්කරතා මැද ජීවත්වන බවත්, තමන්ට අහිමි නිවසට අදාල වන්දි මුදල ලබා දෙන්නේ නම් තමන් ඉඩමක් සොයා ගෙන අලුතින් නිවසක් ඉදි කර ගැනීමට කටයුතු කරන බවයි කොත්මලේ වැවන්ඩන් වතුයායේ කූඩාරම්වල සිටින ජනතාව කියා සිටින්නේ.
මේ දිනවල කොත්මලේ ප්රදේශයට කඩින් කඩ ඇද හැලෙන අධිව වර්ෂෘවත් සමග තම පැරණි නිවාසවල හෝ කූඩාරම්වල රැදී සිටිමට නොහැකි බවත්, මේ සදහා කඩිනමින් විසදුම් ලබා දෙන ලෙසයි එම ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ.






