වී වේලීම හා ගබඩා පහසුකම් නංවන්න රුපියල් මිලියන 1000ක්
වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රු. මිලියන 1000ක් වෙන් කර ඇති බවත් අදාළ යන්ත්‍රෝපකරණ දකුණු සහ උතුරු පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමකදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
සමුපකාර සමිතිවලට වී වේලන යන්ත්‍ර ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක ව්‍යාපෘතියක් සහ නිෂ්පාදන සමුපකාර සඳහා නිෂ්පාදන සහ ඇසුරුම් යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමට රු. මිලියන 100ක ව්‍යාපෘතියක් මේ වසරේ ක්‍රියාත්මක බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එසේම, වී, සහල් බවට පත් කිරීම සහ අල මිල දී ගැනීමේ ක්‍රියාවලියට සමූපකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී ඇති බවත්, අල කිලෝ ග්‍රෑම් 1 ක් රු. 220 ක මුදලකට මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස ආයතනය හරහා ඒවා විකිණීම සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

