කෝපි වගාවට නව රක්ෂණාවරණයක්
දේශීය හා විදේශීය වෙළෙඳපොළ තුළ ඉහළ වටිනාකමක් සහිත බෝගයක් වන කෝපි වගාව ශ්රී ලංකාව තුළ වැඩිදියුණු කිරීමේ අරමුණින් ඒ සඳහා රක්ෂණාවරණයක් ලබාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්යංශය යටතේ ක්රියාත්මක ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කොට තිබේ.
කෝපි වගා කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගත යුතු බැවින් එම නිර්දේශයට යටත් ව සිදු කරනු ලබන කෝපි වගාවන් සඳහා මෙම රක්ෂණ යෝජනා ක්රමය හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
මෙහෙදී කෝපි පැළ සිටවීමෙන් පසු පළමු වර්ෂ තුන සඳහා ඒ ඒ වර්ෂවලට අදාළ රක්ෂිත මුදලින් සියයට හතක වාර මුදලක් යටතේ රක්ෂණාවරණය නිකුත් කරනු ලබන අතර, ඒ අනුව පළමු වර්ෂය සඳහා රුපියල් 510,000ක්, දෙවන වර්ෂය සඳහා රුපියල් 660,000ක් හා තුන් වන වර්ෂය සඳහා රුපියල් 840,000ක් ලෙස රක්ෂණාවරණ ලබාදීම සිදු කෙරේ.
කෝපි වගා කිරීමේදී මුහුණ දීමට සිදුවන නියඟය, ගංවතුර හානිය, වන අලි හානි, පාලන කළ නොහැකි ශාක රෝග, පාලනය කළ නොහැකි කෘමි උවදුරු හා වෙනත් වන සත්ත්ව හානි මෙමගින් ආවරණය කරනු ලබන බවත්, එක් එක් ආවරණයන් සඳහා රක්ෂිත මුදලින් සියයට දශම පහක අමතර වාරිකයක් යටතේ හදිසි ගිනි ගැනීම් හා නායයෑම් යන අමතර ආවරණ ලබා ගැනීමට ද මෙමගින් කෝපි වගාකරුවන් හට අවස්ථාව සකස් කොට ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

