ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන ක්‍රියාවලියට ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
තම ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින්, ඔ්ස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. (I J)