රිදියගම සෆාරියේ සමනල උයන විවෘත කරයි
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය එළි දැක්වීම හා රුහුණු රිදියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානය විවෘත කිරීම කිරිම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටටබැදි මහතා ඇතුළු සම්බාවනිය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදුකෙරුණි.
මෙහිදී සභාව අමතමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මෙලෙස පැවසිය.
රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානම අමාත්‍යංශයක් තමයි පරිසර අමාත්‍යංශය කියන්නේ.ඒ නිසා සංචාරක කර්මාන්තය දියුණු කිරිම තුළින් මේ රටට ගලා එන ඩොලර් පුමාණය තවත් වැඩි කර ගැනිමට හැකියාව තිබෙනවා.ඒ අනුව එළඹෙන 05 වෙනිදට සමගාමීව මේ වන විට අපි රට පුරා පරිසර වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවලා තිබෙනවා.එහි එක් පියවරක් තමයි මේ රිදියගම සෆාරි උද්‍යානයේ සංවර්ධන කටයුතු.ඒ අනුව ඉදිරි වසර දෙක තුළ රිදියගම සෆාරි උද්‍යානයේ සියළුම ඉදිකිරිම් අවසන් කර ජනතාවට අලුත් අත්දැකිමක් එක් කර ගැනිමට හැකි ස්ථානයක් බවට පත්කිකිරීී යැයි පැවසීය.ඒ අනුව මෙහි අඩක් ඉදිකර ඇති සියළු ඉදිකිරිම් අවසන් කිරිම සදහා රුපියල් මිලියන 5000ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා කීය.
මේ අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි වරුන් වන නිහාල් ගලප්පත්ති,අතුල වෙළදගොඩ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සූරියවැව නුවන් ජයසේකර


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

