සිරකරුවකුගේ ගුද මාර්ගයේ ජංගම දුරකථනයක්, හැන්ඩ් ප්රි එකක් සහ අයිස් ගුලියක්
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටි විශේෂ ඝනයේ සිරකරුවෙකු බලපිටිය අධිකරණයේ පැවති නඩුවකට රැගෙන ගොස් ආපසු බුස්ස බන්ධනාගාරයට රැගෙන එන අවස්ථාවේ දි සිරකරුවාගේ ගුද මාර්ගයේ තිබි ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක්, හැන්ඩ් ප්රි එකක් සහ අයිස්මත්කුඩු ගුලියක් අද (03) පස්වරුවේ දි සොයාගෙන ඇති බැව් බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙම සිරකරු බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට නැවත රැගෙන එන අවස්ථාවේ දි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හදිසි උපක්රමික බලකායේ නිලධාරින් හා බුස්ස බන්ධනාගාරයේ නිලධාරින් විසින් පරික්ෂාකොට ඇත.
පසුව බුස්ස බන්ධනාගාරයේ නිලධාරින් විසින් සිරකරුගෙන් දිගින් දිගටම ප්රශ්නකොට ඇති අතර ඔහු පෙරේදා (02) පස්වරුවේ දි ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත්කොට ඇත. රෝහලේ දි සිරකරු ස්කෑන් පරික්ෂනයකට ලක්කොට ඇත. එහිදි සිරකරුගේ ගුද මාර්ගයේ තිබි මාර්ගයේ තිබි ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක්, හැන්ඩ් ප්රි එකක් සහ අයිස්මත්කුඩු ගුලියක් සොයාගෙන ඇත.
මෙම සිරකරුවා ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ සැරයන්වරයකුගේ ,නියාමකවරයකුගේ ඇතුළු නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට බලපිටිය අධිකරණයේ පැවති නඩුවකට රැගෙන ගොස් ඇත. මෙකි විශේෂ ඝනයේ සිරකරුවා බලපිටිය අධිකරණයේ සිර මැදිරිය තුල රදවා සිටියදි ස්මාට් වර්ගයේ ජංගම දුරකථනය,, හැන්ඩ් ප්රි එක සහ අයිස්මත්කුඩු ගුලියක් ගුද මාර්ගයට ඇතුල්කොට ගෙන ඇති බව පැවසේ.
මෙම සිරකරු පිළිබද දැඩි අවධානයෙන් සිටින ලෙස බුස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මොහු රැගෙන ගිය ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින්ට දැනුම් දි ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවුවද මෙම සිරකරු බලපිටිය අධිකරණයේ සිට බුස්ස බන්ධනාගාරය වෙත නැවත රැගෙන විත් ඇත්තේ මොහු රැගෙන ගිය ජේලර්වරයා නොව වෙනත් ජේලර්වරයකු විසින් බවද දැනගන්නට ඇත. පසුව මෙම සිරකරු බුස්ස බන්ධනාගාරයේ සිට කරාපිටිය ජාතික රෝහලට රැගෙන විත් ඇත්තේ ගාල්ල බන්ධනාගාරයේ වෙනත් ජේලර්වරයකු ඇතුළු නිලධාරින් කණ්ඩායමකගේ ආරක්ෂාව යටතේ බවද බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම සිරකරුවා රැගෙන ගිය ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් සම්බන්දයෙන් විමර්ශනයක් පැවැත්විමට නියමිතව ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. ගුද මාර්ගයේ තිබි සොයාගනු ලැබු ස්මාට් වර්ගයේ ජංගම දුරකථනය, හැන්ඩ් ප්රි එක සහ අයිස්මත්කුඩු ගුලිය ගාල්ල පොලිසියට භාරදි ඇත.
මෙකි විශේෂ ඝනයේ සිරකරුවා අද (03) පස්වරුවේ කරාපිටිය ජාතික රෝහලින් නිදහස්කොට ඇති අතර ඔහු බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

