සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් ආනයනය කළ අප්‍රේල් මාසය තුළ සහල් මෙට්‍රික් ටොන් 120,000 ක් ආනයනය කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් පමණක් නැවත සහල් ආනයනය පිළිබඳව සලකා බලන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.