විත්තිය රු. 50000ක් නොගෙව්වැයි පැමිණිල්ල ගසකට නගියි
පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සමත මණ්ඩලයේදී විභාගවූ පැණිල්ලක් සමතකරණය කිරීමේදී ඇතිකර ගත් එකඟතාවයට අනුව විත්ති පාර්ශවය විසින් තමන්ට ගෙවිය යුතු රුපියල් පනස් දහසක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි කියමින් පුද්ගලයෙක් අද (24) පෙරවරුවේ සාලියවැව අලුත්ගම ශ්රී ලුම්බිණි විහාරස්ථානය පරිශ්රයේ පිහිටි දිවුල් ගසකට නැග විරෝධාවයක නිරත විය.
සාලියවැව රොටවැව පදිංචි එස්.එම් .ජයවීර බණ්ඩා(50)නැමති දෙදරු පියෙකු මෙසේ විරෝතාවයේ නිරතව සිටියේය.මෙම අවස්ථාව වනවිට ලුම්බිණි විහාරස්ථානය තුල කරුවලගස්වැව සමතමූලමණ්ඩලයේ මාසික රැස්වීමද පැවැත්වෙමින් තිබිණි.
තමන් මේ සම්බන්ධයෙන් අදාළ පාරිශවයන් කීප අවස්ථාවක දැනුම්වත් කිරීම් සිදුකළත් පලක් නොවූ නිසා මෙවැනි තීරණයක් ගත් බවද ඒ අනුව පොරොන්දු වූ පරිදි විත්ති පාර්ශවයෙන් අදාළ මුදල එකවර එදිනම තමන්ට ලබාදීම හෝ එසේ නැතිනම් විත්තිකරුට එරෙහිව නඩුවක් පැවරීම සඳහා පොලීසියට ලිපියක් ලබාදෙන ලෙස හෝ මෙහිදී විරෝධතාකරු සමතමූලමණ්ඩලයෙන් ඉල්ලා සිටි අතර එසේ නොවන්නේ නම් තමන් තවදුරටත් විරෝධතාවයේ නිරතවන බව පැවසීය .
ඒ අනුව සමතමූලමණ්ඩලයේ නිලධාරියෙකු විසින් එහි සිටි සාලියවැව පොලිසියේ නිලධාරි මහතෙකුට ලිපියක් ලබාදුන් අතර ඒ අනුව විරෝධතා කරු දිවුල් ගසෙන් බිමට බැස්සේය.සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

