2025දී අපනයන ආදායම ඩොලර් බිලියන 17.2යි
ප්‍රථම වරට 2025 වර්ෂයේ දී ශ්‍රි ලංකාවේ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා ඇති බව අපනයන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි .
2025 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය කාර්ය සාධනය සම්බන්ධයෙන් අද (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දි සභාපතිවරයා මේ බව පැවසීය.
සමස්ථ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 13,579 ක් සහ සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3,672ක් ඇතුළුව සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,200 සීමාව ඉක්මවා ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
ඇපරල් කර්මාන්තය ඇමරිකානු ඩොලර් මිලියන 5,300 සීමාවත් තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1500 සීමාවත් ඉක්මවා ඇති බව කී සභාපතිවරයා, පොල් ආශ්රිත නිෂ්පාදන ඇමරිකානු ඩොලර් මිලියන 1200ක් බවත් එය අපනයන ආදායමේ කැපි පෙනෙන වර්ධනයක් බවද සභාපතිවරයා පැවසිය.
එමෙන්ම 2025 වර්ෂයේ දී අහාරපාන ,එළවළු සහ පළතුරු , කුළුබඩු , ඉලෙක්ට්‍රොනික අංශය, විසිතුරු මසුන් සහ අනෙකුත් අංශවල කැපි පෙනෙන වර්ධනයක් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
සේවා අංශය ලෙස තොරතුරු තාක්ෂණ අංශයේ කැපී පෙනෙන වර්දනයක් ඇති බවත් එය ඇමරිකානු ඩොලර් මිලියන 1600 සීමාව ඉක්මවා ඇතැයිද කිය.
ශ්‍රි ලංකාව භාණ්ඩ අපනයන කිරීමේදි ඇමරිකා එක්සත් ජනපදය , ඉන්දියාව , එක්සත් රාජධානිය, ඩෙන්මාකය,ජර්මනිය ,නෙදර්ලන්තය,ප්‍රංශය,හොංකොං ,ඕස්ට්‍රෙලියාව,ලිබියාව,ජපානය,ඉතාලිය වැනි රටවල්වලින් රාශියකින් කෑපි පෙනෙන වර්ධනයක් දක්නට ඇති බවද පැවසුවේය.
2025 වර්ෂය අපනයන මණ්ඩලය වැඩි වශයෙන් වැඩ කළ බවත් ප්‍රධාන ක්ෂේත්‍ර 8ක් ඔස්සේ වැඩසටහන් 122 ක් පවත්වා ඇති බවද පැවසුවේය.
2025 වර්ෂයේ ජාතික අපනයන සංවර්ධන සැළැස්ම ආරම්භ කළ බවත් එහි මූලික ඉලක්කය 2031 වන විට ශ්‍රි ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36කට ගෙන ඒම බවත් පෙබරවාරි මාසය වන විට එය එළීදක්වන බව ද කීය.
මෙම වසරේ ජූනි මස 18 වැනිදා සිට ජූනි 21 දක්වා ශ්‍රි ලංකා එක්ස්පෝ වැඩසටහන බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්වීමට නියමිත බවත් ඒ සම්බන්ධව රටවල් සමඟ සාකච්ඡා කරන බවද පැවසුවේය.
2026 වර්ෂය ලංකාවේ අපනයනය ප්‍රවර්ධනය කිරිම සඳහා ප්‍රතිපාදන වැඩියෙන්ම ලැබුණු වර්ෂය බවත් රජයක් ලෙස ගරු ජනාධිපතිතුමා , කැබිනට් මණ්ඩලයේ සහයද මේ සඳහා ලබා දුන් බවද සභාපතිවරයා පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

