ඌරගස්මංහන්දිය යටගල බාලිකා විදයාලය ඉදිරිපිට මාර්ගයේ අද (26)දහවල් වෙඩි තැබීමක් සිදුව ඇති බවට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගියද වෙඩි වැදුණු අයකු හෝ හිස් පතුරමක්වත් සොයා ගැනීමට නොහැකිවූ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
ත්රීරෝද රථයකින් යමින් සිටි පිරිසක් ඌරහස්මංහන්දිය යටගල බාලිකා විදයාලය ඉදිරිපිට මාර්ගයේ රැදී සිටි අයෙකුට වෙඩි තැබුවේ යයි කියන තොරතුරක් ලැබුණු බවත් ඒ අනුව එම ස්ථානයට ගොස් පරීක්ෂා කළ බවත් පොලීසිය කියයි.
ඌරගස්මංහන්දිය යටගල බාලිකාව ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඌරගංමංහන්දිය සහ ඒ අවට නගරවල ඉතා සීඝයෙන් අද(26) දින පචාරයවී ගියේය.ඒ සමගම වෙඩි තැබීම සිදුව ඇතැයි කියන පදේශයේ පදේශවාසීන් දැඩි බියට පත්වී සිටියහ.
වෙඩි තැබීම සිදුව ඇතැයි කියන ස්ථානය ඉතා හොඳින් පරීක්ෂා කළ බවත් එහිදී එවැනි වෙඩි තැබීමක් සිදුව ඇති බවට කිසිම සාක්ෂියක් හමුනොවූ බව ද පොලීසිය කියයි. ඌරගස්මංහන්දිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.