නිල්ගල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ශ්‍රීලංකාවේ දෙවෙනි විශාලතම වනාන්තරය වන නිල්ගල 2026 /01 /21 වෙනි දින ගැසට් පත්‍රය මඟින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව වනස්පති ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 40,684.99 විශාලත්වයක් සහිත මෙම වනාන්තරය රක්ෂිතයක් ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කරන ලදි.
මේ පිළිබඳව අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා,ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටකට රක්ෂිත වනාන්තර ඇති කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම අතිශය වැදගත්.පාරිසරික හා ජෛව විවිධත්ව සංරක්ෂණය මෙන්ම වනසතුන් සඳහා සුපෝෂණ කලාප මෙම ක්‍රියාවලිය ඔස්සේ සැකසෙන බැවින් වනජීවී සහ මිනිස් සහජීවනය සහිත හරිත රටක් තැනීමේ ගමන ශක්තිමත් වෙනවා.
අතීතයේදී නිල්ගල රක්ෂිතයේ ඉඩම් යෝජිත සීනි ව්‍යාපෘතිය සඳහා ලබා දීමට සඳහා පිඹුරුපත් හදන විට ඊට විරුද්ධව හඬ නගලා දිගින් දිගටම සටන් කරලයි අපි වනාන්තරය රැකගත්තේ.නිල්ගල,රක්ෂිතයක් ලෙස පත් කර ගන්නට අපේ රජයක් යටතේ හැකිවීම වීම ගැන සතුටු වෙනවා.
මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි නිල්ගල වනය ඇතුළු ඌව වෙල්ලස්සේ ඉඩම් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය සමාගමක් වන “බූගටේට්” සමාගමට උක් වගා කරන්න ලබා දෙන්න එවකට පැවති ආණ්ඩුව පිඹුරුපත් හැදුව. ඒත් ඉතා වටිනා ඖෂධ පැළෑටි වලින් ගහන නිල්ගල වනය රැක ගන්න අපිට පුළුවන් වුණා.රජයන් තුනක් යටතේ ජනාධිපතිවරු හතරක් යටතේ වසර 18 පුරා මෙය රක්ෂිතයක් බවට පත් කර ගැනීමට සටන් කළත් එම රජයන් එය ගණනකට ගත්තේ නැහැ.
මෙම නිල්ගල වනය පුරා අධික ව පැතිර තිබෙන ඖෂධීය ශාක නිසා මෙය අනුරාධපුර යුගයේ රජ කළ බුද්ධදාස රජුට අයත් ඔසු උයනක් ලෙස ජනප්‍රවාද පවසනවා.අරළු, බුළු, නෙල්ලි, ගම්මාලු යන ඔසු ශාක මෙහි ඉතා සුලබයි.එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස 2007/07/17 පැය එකහමාරකට ආසන්න කාලයක් නිල්ගල වනයට සිදු කිරීමට යන විනාශය පිළිබඳව හඬ නැඟුවා
ඒ දිනය ඓතිහාසික දිනයක් වන්නේ නිල්ගල වනයේ ඇති වටිනාකම මුළු රටම දැන ගත්තේ එම පැය එක හමාරකට අධිකව සිදු කළ එම කතාවෙන්.ඉන්පසු නිල්ගල රැක ගන්න බොහෝ පිරිස් කණ්ඩායම් අප සමඟ ඒකරාශි වුණා.ඒ හරහා සිදු කෙරුණු කැපකිරීම් උද්ඝෝසන සටන් හරහා අපි සාමුහිකව එකතු වෙලා නිල්ගල වනය රැක ගන්න වගේම අපේම ආණ්ඩුවක් යටතේ එය රක්ෂිතයක් ලෙස රටට දායාද කරන්නටත් අපිට පුළුවන් වුණා.
එදා සිට මේ දක්වා පුරා වසට 18කට ආසන්න කාලයක් මේ වෙනුවෙන් හඬ නැගු සියලු දෙනා ලද ජයග්රහනයක් ලෙස මෙය දක්වන්න පුලුවන්. ඒ සඳහා සිදු කළ මැදිහත් වීම ගැන,කැපවීම ගැන සැබැවින්ම තියෙන්නේ නිරාමිස සතුටක්."
මොනරාගල සුමනසිරි ගුණතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

