අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය.
සැකකරුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.
ඇපකරුවන්ගේ පදිංචියේ සනාථ කරමින් ග්‍රාම සේවා සහතික සහ ආදායම් තිබෙන බවට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය.
නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වෙමින් රටට පාඩු කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර තිබිණි.