කොළඹ - කටුනායක අධිවේගෙය් ETC සේවාව තවදුරටත් පහසු කෙරේ
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම මුදල් හෝ කාඩ්පත් මගින් මෙන්ම ETC (Electronic Toll Collection) මගින්ද සිදුකිරීමේ පහසුකම් ලබාදී ඇත. ETC පහසුකම් භාවිත කරන්නන් සඳහා ඇතුළුවීමට සහ පිටවීමට වෙන්වූ වෙනමම ස්ථානයක් ඇති අතර, එය භාවිතයෙන් ප්‍රමාදයකින් තොරව ඇතුළුවීමේ සහ පිටවීමේ පහසුකම් ද සලසා දී ඇත. එසේම ETC පහසුකම් භාවිත කරන්නන්ට සෑම ගමන් වාරයක් සඳහාම නියමිත ගාස්තුවෙන් 10% ක වට්ටමක් ද ලබාදේ.
මේ වනවිට පෑලියගොඩ, කෙරවලපිටිය, ජා-ඇල සහ කටුනායක හුවමාරු මධ්‍යස්ථානවලදී ETC මගින් ගෙවීම් කළ හැකි අතර, ඉදිරියේදී කඩවත සිට පිටත වටරවුම් මාර්ගය හරහා කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන සඳහා ද කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මෙම පහසුකම ලබාදීමට කටයුතු කෙරේ.
මෙතෙක් ETC පහසුකම ලබාගැනීමේදී වාහන හිමිකරුවන් විවිධ අපහසුතාවන්ට පත්වූ අතර, ඔවුන් ඒ සදහා ස්ථාන කිහිපයකටම ගමන් කළයුතු විය. මේ කෙරෙහි විශේෂ අවධානය යොමුකල ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය www.exway.rda.gov.lk වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් ETC සදහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා දී ඇත. ලියාපදිංචි වීමෙන් අනතුරුව පහසු හුවමාරු මධ්‍යස්ථානයකින් RFID Tag එක ලබාගෙන මෙම වෙබ් අඩවිය හෝ Govpay හරහා සිය බැංකු කාඩ්පත මගින් තමාගේ ETC ගිණුමට මුදල් බැර කිරීම හෙවත් Top up කරගැනීමෙන් පසුව කිසිදු බාධාවකින් තොරව අධිවේගී මාර්ගයේ අදාල ගමන් ගාස්තුව ස්වයංක්‍රීයව අයවී බාධාවකින් සහ අවහිරයකින් තොරව පිටවිය හැක.
අවහිරතාවයකින් තොරව ETC පහසුකම භාවිත කිරීම සඳහා ඇතුළුවීමේ සහ පිටවීමේ ස්ථානවලදී පැයට කිලෝමීටර් 15 ක වේගයක් පවත්වා ගන්නා ලෙසත් ඉදිරියෙන් ඇති වාහනය සමග මීටර් 20 ක පරතරයක් තබාගැනීමට කටයුතු කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටි අතර මෙම සේවාව පිළිබදව මඟීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද අද දිනයේ සංවිධානය කොට තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

