දැඩි සාකච්ඡාවලින් පසුව, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සාම ගිවිසුමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවත් ලෙබනනය ඇතුළුව සියලුම පෙරමුණු වල හමුදා මෙහෙයුම් වහාම සහ ස්ථිරව අවසන් කරන බව දෙපාර්ශ්වයම ප්‍රකාශ කර ඇතැයිමෙම සාකච්ඡාවල මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කළ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහෙබාස් ෂරිෆ් පවසයි.
තම සමාජ මාධ්‍ය ගිණුම්වලින් මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ ගිවිසුමට නිල වශයෙන්
අත්සන් කිරීමේ උත්සවය ජුනි 19 වන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන බවයි.
ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීමට කැපවීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට සහ ඉරාන ඉස්ලාමීය ජනරජයට අපි ස්තූතිය ප්‍රකාශ කරන බවත් මෙම මැදිහත්වීමේ උත්සාහයේ සිටින අපගේ සහෝදරයන්ට, කටාර් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨ නායකත්වයට, මෙම ගිවිසුමට එළඹීමට දැක්වූ සහයෝගයට අවංක කෘතඥතාව පළ කරන බවත් ඔහු පවසයි.