ඉරිදා මුලදී බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය "සිදු නොවිය යුතුව තිබූ" බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
"විශේෂයෙන් ඉරානය සමඟ සාම ගිවිසුමකට අප ඉතා ආසන්නව සිටින විශේෂ දිනයක," ඔහු සිය ටෘෘත් සමාජ මාධ්‍ය ගිණුමේ ලිවීය.
ඊශ්‍රායලයට "තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක්" ඇති නමුත් ඔවුන් ප්‍රතිචාර දැක්වූ ප්‍රහාරය "ඉතා කුඩා හා අර්ථ විරහිත" බව ඔහු පවසයි.
එක්සත් ජනපදය සහ ඉරානය "ලෙබනනය ඇතුළු කලාපයට සාමය ගෙන දෙන ගිවිසුමකට ඉතා ආසන්න බවත්, සියලු පාර්ශ්වයන් පසුබට විය යුතු" බවත් ඔහු තවදුරටත් පවසයි.
ඊශ්‍රායලය හෝ "වෙනත් කිසිදු පාර්ශවයක්" විසින් තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ යුතු බවද ට්‍රම්ප් පවසයි.