ඇමෙරිකා ඉරාන ගිවිසුමට කරුණු 14ක්
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර කරුණු 14 කින් යුත් අවබෝධතා ගිවිසුමක කෙටුම්පත් විස්තර ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.නිශ්චිත කරුණු දෙරට විසින්ම නිල වශයෙන් තහවුරු කර නොමැත.
ඉරාන රාජ්‍ය ප්රවෘත්ති ආයතනයක් වන අර්ධ-නිල මෙහර් ප්රවෘත්ති ඒජන්සිය පවසන්නේ එම කරුණු අතරට:
ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල ස්ථිර සටන් විරාමයක්
ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බවට එක්සත් ජනපද කැපවීම
දින 30ක් ඇතුළත එක්සත් ජනපද නාවික අවහිරය ඉවත් කිරීම
ඉරානයෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම
"ඉරාන විධිවිධාන යටතේ" දින 30ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම
එක්සත් ජනපදය සහ එහි පාර්ශ්වයන් අවම වශයෙන් ඩොලර් බිලියන 300ක් වටිනා ඉරානය සඳහා ප්‍රතිසංස්කරණ සැලසුම් ලබා දීම
ඉරාන තෙල් සහ බලශක්ති නිෂ්පාදන සඳහා සම්බාධක අවසන් කිරීම
න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකිරීමට ඉරානයේ කැපවීම නැවත අවධාරණය කිරීම
කලාපය තුළ තම හමුදා වැඩි නොකිරීමට සහ නව සම්බාධක පැනවීමට කටයුතු නොකිරීමට එක්සත් ජනපද කැපවීම
යන කරුණු එයට ඇතුළත් වෙයි. කෙසේ වෙතත් "ඉරානයේ තහනම් කළ අරමුදල්වලින් අඩක් නිදහස් කිරීම, ඉරානයේ තෙල් සම්බාධක අත්හිටුවීමට සහ නාවික අවහිරය ඉවත් කිරීමට පෙර" අවසන් සාකච්ඡා ආරම්භ නොවන බව මෙහර් ද වාර්තා කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් මගින් අවසාන ගිවිසුම අනුමත කරන බව එහි සඳහන් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

