saravita-anim2

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

Latest News - timelapse 1 hours ago

LATEST

ස්ථාන කිහිපයක සිදුවන වෙඩි තැබීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි

calendar_today 2026 පෙබ 16 - 08:42 remove_red_eye - 166  

ස්ථාන කිහිපයක සිදුවන වෙඩි තැබීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත් එක් එක් කණ්ඩයම් සිය ප්‍රතිරූප වෙනුවෙන් මෙවැනි වෙඩි තැබිම් සිදුකරන බවත් හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසිය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් තිරණාත්මක තරගයක් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට මහනුවර පල්ලෙකැලේ පිටියේදී ආරම්භ කිරිමට නියමිතය.

Read More

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇතැයි එම ආයතනය නිවේදනය කරයි.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැති වඩාත් උද්වේගකරම තරගය වූ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්විය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති (I.C.C. Chairman ) ජේ.ෂා (Jay Shah ) මහතා , ඉන්දීය - පකිස්තාන ක්‍රිකට් තරගය නැරඹීම සදහා 02/15 දින පස්වරුවේ මෙරටට පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

බත්තරමුල්ල අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් හෙට දිනය තුළ සිය වෘත්තිය කටයුතුවලින් බැහැරව සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

Read More

බත්තරමුල්ල, තලංගම පොලිස් වසමට අයත් අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බද්දේගම පොලිස් වසමේ මුල්කඩ, අගලිය ප්‍රදේශයේ අකුරැටිය දක්වා දිවෙන අතුරු මාර්ගයේ ගිනිතබා විනාශ කර තිබියදී බද්දේගම පොලීසිය පෙරේදා (14) රාත්‍රී සොයා ගෙන තිබේ.

Read More

පොලිස් නිලධාරින් සියයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා.ඔවුන් සේවයෙන් ඉවත් කරන්න අවශ්‍ය කටයුතු කරනවා.ඒ වගේම රාජ්‍ය සේවයේ තවත් නිලධාරීන් කොටසක්,ත්‍රිවිධ හමුදා නිලධාරීන් කොටසක් මේ ව්‍යාපාරයෙත් ඉන්නවා.ඒත් එක්කම ඒවාට ඇබ්බැහි වෙලත් ඉන්නවා.පොලීසියේ යම් කොටසක් හිටියා.

Read More

ආදායම් සතියට සමගාමීව හැටන් ලංගම ඩිපොවේ දෛනික ආදායම් තත්වය ඉහළ දැමිමට හැකි වු බව එම ඩිපොවේ කළමණාකරු නලින් වීරසූරිය මහතා පැවසීය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2000ක් පමණ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි. එසේම රථවානහ පාලනය වෙනුවෙන් පොලිස් නිලධාරින් 600ක් පමණ යොදවා තිබේ.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තිරණාත්මක තරගය හෙට පල්ලෙකැලේ පිටියේදී පැවැත්විමට නියමිතය. මෙම තරගයට අදළ ප්‍ර වේශ පත්‍ර සියල්ලද මේ වන විට විකිණී අවසන් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

2026.02.14 දින රාත්‍රී වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී බාබර් සාප්පුවක් (සැලූන්) තුල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් සිදු කල වෙඩි තැබීමක් හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබියදී ඉන් එක් අයෙකු මියගොස් තිබුණි.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන වඩාත් උණුසුම්ව තරගයක් වන ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විමට නියමිතව තිබේ.

Read More

කළුතර - උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් මියගොස් තිබේ.

Read More

මෙම වසරේ දෙවන කාර්තුව සදහා 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැන්වීමක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමට යෝජනා කර තිබේ.

Read More

ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා සුදුසු පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීම සඳහා භූමිය නිරීක්ෂණයට ඊයේ (13) අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී විය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්ත කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 96ක ජයක් වර්තා කිරීමට සමත්විය.

Read More

බණ්ඩාරවල පූනාගල මාපිටිය ගල්වලේ ගල්බෝරයක් පුපුරා ගල් වලේ සේවය කරමින් සිටි දෙදෙනෙකු අද 14 දහවල් ගල්කුළු වලට යටවී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද ඒ අසල නවතා තිබූ වාහන තුනක් කඩා වැටී තිබූ ගල්වලට යට වී දැඩි හානි වී ඇතැයිද ලියන්ගහවෙල පොලිසිය පැවසීය.

Read More

මුළු දිවයිනෙන්ම වැඩිම Speed Post අයිතම භාරගත් තැපැල් කාර්යාලය ලෙසත්, මුළු දිවයිනෙන්ම වැඩිම Speed Post ආදායම් රැස්කළ තැපැල් කාර්යාලය ලෙසත් 151වන ලෝක තැපැල්දින සැමරුමේදී සම්මානයට පාත්‍රවුණු කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාගොල්ලාගම තැපැල් කාර්යාලයට අති නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකල අංග සම්පූර්ණ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඌව පළාත තුළ ගංජා, විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් තුරන් කිරීමේ මෙහෙයුමේ සමාරම්භක උත්සවය හෙට ආරම්භ කිරීමට නියමිතය.

Read More

වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ තරුණයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (02/12) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී සිදුකළ වෙඩි තැබීමකින් නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මරණීය දණ්ඩනය නියමවු දේශිය හා විදේශිය සිරකරුවන් 817 දෙනෙකු මේ වනවිට බන්ධනාගාරගතව සිටින බැව් අධිකරණ හා ජාතික එකාබද්ධ අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.

Read More

අනාරක්ෂිත සහ වින්දිත ළමුන්ගේ ඡායාරූප සහ වීඩියෝපට ඔවුන්ගේ පුද්ගලිකත්වයට සහ ගරුත්වයට හානිවන අයුරින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වල ප්‍රචාරය කිරීම ළමුන්ගේ උපරිම යහපතට බාධාවක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි.

Read More

පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු 82 නෙකු විසින් ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වු මාස 09ක කාලය තුලදි සමූහ රක්ෂණය ලබාගෙන ඇති බැව් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

2029 වර්ෂය වන විට රටේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල (High-Speed Broadband) සබඳතාවක් ලබාදීමට සඳහා සැලසුම් කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද කොළඹදී සමත්විය.

Read More

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුම‍ාර ජයකොඩි මහතාගේ ජායාරූපයක්ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිත්වා සුළි කුණ‍ාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර හා මුදල් එකතුකිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය කියයි.

Read More

දූත මණ්ඩල ප්‍රධානීන් සිව් දෙනෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.