saravita-anim2

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

Latest News - timelapse 11091 hours ago

LATEST

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වෝහාරික විගණනයක්

calendar_today 2019 ජන 28 - 16:20 remove_red_eye - 643  

2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

උසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More

ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

Read More

වව්නියාව පූවර්සන්කුලම් චෙක්කඩිපිලව් ප්‍රදේශයේ යුද සමයේ කොටි සංවිධානය විසින් වල දමන ලද රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පිරිසක් ඊයේ (27) දින වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පූවර්සන්කුලම් පොලීසිය කියා සිටියේය.

Read More

ස්ටොයිනිස් මේ වනවිට එක්දින තරග 24කදී ලකුණු 807ක් සහ කඩුලු 22ක්ද විස්සයි20 තරග 17කදී ලකුණු 128ක් සහ කඩුලු 09ක් බිඳහෙලා තිබේ.

Read More

දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Read More

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකරන ලද්දේ,තම විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ කොළොන්නාව සාමවිනිසුරු සුභසාධක සංගමයේ ප්‍රතිසංස්කරණය කරන ලද නව රැස්විම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

Read More

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද නිවේදනය කරයි.

Read More

ගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කර ඇති ඇඳුම ඇඳගෙන පාසල්වලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඇහැළියගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එල්ලාවල ගම හරහා ගලා යන එල්ලාවල ගගේ පතල් කැපීමට දුන් බලපත්‍ර තාවකාලිකව අත්හිටවු බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් නීතිඥ පී.උඩෝවිට මහතා පැවසුවේය.

Read More

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

ජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව හික්කඩුවට බටහිරින් වු මුහුදු තිරයේ දි ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණු අභ්‍යාසයක් පැවැත්වනු ලැබිය.

Read More

ශ්‍රී ලංකා විශ්විද්‍යාල පද්ධතිය සතු විශ්වවිද්‍යාල සියල්ල කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) හමුවට කැඳවීමටත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ.

Read More

වතු කම්කරුවන් පිරිසක් තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් හැටන් - කොළඹ මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.

Read More

ත්‍රිරෝද රථ හිමියන්ට කුලී රථ සේවයේ යෙදවීම සඳහා කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 20ක ණයක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

Read More
SEMI බස් එපාලු
28 01 2019 10:13:00
2 873

විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුළ පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව ඇති හෙයින් එය නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බවද ඔවුහු පවසති.

Read More

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවෙන් බලාපොරොත්තු වූ තරමේ ප්‍රගතියක් අත්නොවුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

Read More

ෆොන්සේකාට ඇමතිකමක් දීමට ජනපතිගේ කැමැත්තක් නෑ, ජනපති තවදුරටත් විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයත් අනතුරේ?

Read More

පළමු ටෙස්ට තරගයේදි ආබාධයකට ලක්වූ ළහිරු කුමාරට හා දුෂ්මන්ත චමීරට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් සමග පිටියට පිවිසේවි යන බලාපොරොත්තුව පවතින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

Read More

උතුරු පළාත් පාසැල් සහ රාජ්‍ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සඳහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම අද (27) උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවත්වුණි.

Read More

වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය එක් වි තමන්ට වැඩි කළ රු 700 මුලික වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ පැය 5ක කාලයක් අවහිර කරමින් සිදු කළ විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණා.

Read More

බඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවා විනාශ කිරිමට නම් සේනා දළඹුවාට වටිනාකමක් ලබා දි සේනා දළඹුවන් විනාශ කරන ගොවින්ට තැගි මුදලක් ලබා දෙන්නේ නම් සේනා දළඹුවා සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට ගොවින් කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසිය.

Read More

යාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසලදි(15) වන දින පුද්ගලයින් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල සිදු කර පළාගොස් සඟැව සිටි අවා කල්ලි සමාජිකයින් තිදෙනෙකු අද(27) දින යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අද (27 වනදා) දහවල් සිංගප්පූරුවේ එළිසබත් රෝහල වෙත ගොස්, එහි ප්‍රතිකාර ලබන ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ බැහැ දුටුවේය.

Read More

පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළද නාම පුවරුවලින් අපවිත්‍රවිඇති මහනුවර නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීම සඳහා මහනුවර නගරය තුළ වූ සියලුම පෝස්ටර් ඉවත් කිරීම අද (27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ආරම්භ කෙරිණ.

Read More

ගෙවී ගිය කාලයේදී මාධ්‍යවේදීන්ව ඝාතනය කළ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසටත් මාධ්‍යවේදීන්ට යුක්තිය ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් කරමින් ඊයේ (26) යාපනයේදී විරෝධතාවයක් පැවත්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.