ලංකාව පුරා විදුලි නොදන්වා කප්පාදුවක්
විදුලිය කප්පාදුවක් නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති.
නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වීමෙන් පසුව වරින් වර විදුලි කප්පාදුව සිදුකළත් පසුව එය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ යළිත් විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.
විදුලි බල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක 20 දා නිකුත් කළ නිවේදනය
“මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිළි වර්ධනයක් සිදුවී තිබෙනවා. ඒ වගේම සැම වර්ෂයකම ජනවාරි- අප්‍රේල් මාස වලදී විදුලි ඉල්ලුම ඉහල යාමේ ප්රවනතාවයක් පෙන්නුම් කරනවා. නමුත් මේ තත්ත්වයන් මත විදුලි ක්පපාදුවකට යන්න අපි අදහස් කරලා නැහැ. නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිදවැටීම හේතුවෙන් පසුගිය දෙදින තුළ දිවයිනේ යම් යම් ප්‍රදේශ වලින් විදුලිය බිදැටීම් වාර්තා වුණා.
නමුත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කරලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කාලසටහනක් අනුව සිදුකරනු ලබන විදුලි කප්පාදුවක් පිළිබදව මේ දිනවල විවිධ සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්තීන් ජනතාව අතරට යමින් පවතිනවා. නමුත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ, එවැනි කිසිදු විදුලිය සිදලීමේ නිවේදනයක් අමාත්‍යාංශය මගින් නිකුත්කර නොමැති බවයි" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අධ්යක්ෂ සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.
මේ අතර ලංවිම සේවකයන් චෝදනා කළේ විදුලි අර්බුදයක් ඇති කරල වැඩි මිලට ක්ෂණික විදුලි මිලදී ගැනීම සඳහා වූ විදුලි මාෆියාවක් ක්‍රියාත්මක බවයි. ඒ අනුවට රට පුරා විදුලි කප්පාදුවක් සිදුකර ජනතාව පීඩාවට පත්කරමින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සැලැස්සවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.

popular news
-
Dayan Saturday, 23 March 2019 07:25 AM
නොදන්ව කප්පාදුව අසාධාරනෛ. කර්මාන්ත කරන අයට කලින් දන්වනවානම් තමන්ගේ කටයුතු සැලසුම් කරගන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයට සැලසුම් නැති එක තමෛ ලෙඩේ. වැහි තියෙනකල් ලය්ට් දෙන්න පුළුවන්. මාසයයක් පෑව්වොත් විදුලිය කපනවා. එහෙමනම් ඉතින් මණ්ඩලයක් මොටද?
Reply : 2 27
මුණසිංහ Saturday, 23 March 2019 08:20 AM
මේ ආණ්ඩුව හැම දේම කරන්නේ ජනතාව රවට්ටලා. තෙල් මිල-කිරි පිටි මිල-විවිධාකාර බදු-ලයිට් කැපිල්ල-ඊනියා පඩි වැඩි කිරීම-රජයේ සේවකයන්ට මාර්තුවල දෙන රු.10,000/= කපා හැරීම... මේ සියල්ල ආණ්ඩුවේ කුපාඩිකමේ කොටසක්. බොරු කියන එකේ නිමක් නැහැ. පොක්ස්වැගන් කිව්වා...තෙල් ආයෝජනයක් කියනවා මේ සේරම ජනතාව රවට්ටන ඒවා.මේ දූෂිත,හොරකම් කරන,ජනතාව රවට්ටන,කුඩු ටොන් ගණන් ගෙන්නවන ආණ්ඩුව පළවා හැර වෙනත් ඕනෑම රජයක් පිහිටුවීම කඩිනම් නොකලොත් තව මාස 2න් රට ගොඩ ගන්න බැරි විදියටම වලට වැටෙනවා.
Reply : 5 41
Sunil Monday, 25 March 2019 04:28 AM
ඇමති තුමය් උසස් නිලධාරිනුය් එකතු වෙලා මහජන මුදල් යටි මඩි ගහන්න තවත් ලොකු උත්සාහයක.
Reply : 1 69
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

