saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 10996 hours ago

LATEST

බොට්ටුවකින් කේරළ ගංජා ගෙනා දෙදෙනෙකු අත්අඩංගුවට

calendar_today 2019 පෙබ 18 - 14:05 remove_red_eye - 200  

අද දින(18) අලුයම 3.00ට පමණ කල්පිටිය පොලිස් වසමේ කන්දකුලිය ඊව්වන්කාඩුව වෙරළ තීරයට බෝට්ටුවකින් කේරළ ගංජා රැගෙන එන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර බෝට්ටුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 58ක් ඉදිරියට පැමිණෙමින් එහි 40 වැනි ස්ථානයට පත්ව තිබේ.

Read More

වතුකම්කරුවන්ගේ මුලික වැටුප රු 700 දක්වා වැඩි කර එයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කර ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා සමස්ත වතුකරයේ ජනතාවම වතු සමාගම් අතරේ පවා දි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්රිවක් සංවිධායක මංජුල සුරවිර මහතා පැවසිය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඒක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒංගලනත්යේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ගේල් ප්‍රකාශ කරයි.

Read More

නොරොච්චෝල් පොලිස් බළ ප්‍රදේශයට අයත්,ආලංකුඩාව ධීවර තොටුපළට නාදුනන පිරිමි මළ සිරුරක්, අද(18) දින අලුයම, ගොඩ ගසා ඇතැයි නොරොච්චෝල පොලීසිය පවසයි.

Read More

එතකොට මිල වැඩි කරන්න ඕන නෑ. මිල අඩුකරන්න තමයි ඕන. ඒක තමයි ඒ අයට තිබෙන ගැටලුව.

Read More

ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එරට ගුවන් මගියෙකු අද (18දා) අලුයම එහි පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ.

Read More

එක් පුද්ගලයෙකු කොළඹ ජනාධිපති ලේකම් කාරයාලයේ රියදුරෙකු ලෙස සේවය කරන අතර අනිත් තැනැත්තා කොළඹ ප‍්‍රදේශයේම ති‍්‍රවිල් රථ රියදුරෙකු ලෙස සේවය කරයි.

Read More

වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ෆෝමරයක ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

අද (18දා) උදෑසන වැලිකඩ පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.

Read More

අමල් හා නදීමාල් නිදහස්වීමට වැඩි ඉඩක්?

Read More

කිරිපිටිවල අන්තර්ගතය පිළිබඳ පරීක්‍ෂා කිරීමට දැනට රජය යටතේ තිබෙන පරීක්‍ෂණ ආයතන ප්‍රතික්‍ෂේප කර තිබෙන බැවින් රජය ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

බදු සහන භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙකු විසින් පසුගිය වසර තුළශ්‍රී ලංකා නාමය යටතේ වියට්නාම් ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ගම්මිරිස් ඉන්දියාවට යැවීම සඳහා ලබාදී තිබෙන කෝටාව මෙරටට අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.

Read More

මඩොල්සිම පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුවිගොල්ල පෞරාණික දේවාලයක් අසල නිදන් ලබාගැනීමේ අරමුණින් කැනීම් සිදුකල බවට සැක කරන පුද්ගලයින් 7දෙනෙක් (17)දා අලුයම අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සම්බන්ධව අද ලෝක ප්‍රජාවගේම ගෞරවය ශ්‍රි ලංකාවට ලැබී තිබෙන බවත් රටේ නූපන් පරපුර වෙනුවෙන් දියහැකි ලොකුම දායාදය ප්‍රජාතන්ත්‍රවාදය බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති බවත් අවශ්‍ය වේලාවට එය ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Read More

සබරගමුව,දකුණු,මධ්‍යම,බස්නාහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය කිහිපය තුළදි (පැය 6ක) පමණ කාලයේදි ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇති විමේ අවදානම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

Read More

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 17 දෙනෙකු (16) දින පස්වරුවේ හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන මාර්ග තදබදය අවම කර ගැනිම සඳහා සෑම සතියේ දිනකම හෝර්ටන් පෙදෙස කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා උදෑසන 7.30 සිට 8.00 දක්වා තුළ එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරිමට කටයුතු කර ඇත.

Read More

කොස්ලන්ද, මහලන්ද, අඹකොලආර රක්ෂිතය ආශ්‍රිත කෑලෑබිමක් මැද පවත්වාගෙන ගිය ගංජා පැළ තවානක් ඊයේ(16) රාත්‍රී වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලීසිය පවසයි .

Read More

ඓතිහාසික ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධියක්, තායිලන්තයේ දහවන රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍ය ය දා තිළිණ කිරීම සඳහා තායිලන්තයට වැඩම කරවීම සඳහා පූජා කිරීම, අද (17 දා) අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අබියස දී සිදු කෙරිණි.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කරන්නැයි ඉල්ලන ඉල්ලීම සමඟ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නොව ධම්ම දිසානායක කියන පුද්ගලයා ලෙස එකඟවන බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පැවසිය.

Read More

මෙවර සතිඅන්ත නිවාඩුවත් සමඟ නල්ලතන්නිය,ශ්‍රි පාද මාර්ගයෙන් ශ්‍රි පාද වන්දනාව සඳහා වන්දනාකරුවන් ලක්ෂ 02කට ආසන්න පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50ක් පිරීම සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින්, එළඹෙන නවම් පුන් පොහෝ දින කතරගම, කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ආමිස සහ ප්‍රතිපත්ති පූජා රාශියක් පැවැත්වීමට, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සංවිධානය කර තිබේ.

Read More

ශ්‍රි ල.නි.පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙන්ම පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ එතුමා බැව් ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

Read More

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇත.

Read More

ලෝකයේ අද රටවල් 10ක් 15ක් විතරයි තිබෙන්නේ පිටරටින් ගෙන්නා පිටි කිරි බොන. අපිත් ඒ රටවල් 10-15 අතරේ රටක්.

Read More

එහෙනම් මේ වනවිට නුවර දක්වාම අධිවේගී මාර්ගය ඉදි වී අවසන්.

Read More

දකුණු අප්‍රිකාව හා පැවැති පළමු ටෙස්ට් තරගය තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගය බවත්, පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් තමාට හොඳ සහායක් ලැබුණ බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් පෙරේරා සඳහන් කරයි.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. එමෙය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් දෙවැනි ටෙස්ට් තරග ජයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.