සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව නොමග යවනවා - GMOA
ආනයනික පලතුරු වර්ග කිහිපයක වසවිස තිබෙන බවට රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබියදී එවැනි දෙයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කිරීම ජනතාව අතරමං කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ආනයනික පලතුරු වර්ග කිහිපයක වසවිස ඇත්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා නම් එය වහාම රටට හෙළි කළ යුතු බවත්, එහෙත් එවැනි පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පහසුකම් නොමැති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ආනයනික කිරිපිටවල වසවිස තිබෙන බවට හෙළි වී තිබියදීත් එවැනි දෙයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකු ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව අතරමං කර දැමූ බවද ඔහු කියා සිටියේය.
අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ආනයනික ඇපල්, දොඩම් සහ මිදිවල පළිබෝධනාශක සංඝටක ඇතැයි රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබෙන්නේ පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවට බවයි.

popular news
-
Tissa Thursday, 18 April 2019 08:20 PM
1990 Ambulance ගැන GMOA කියපු දේ ගැන ඔබ මොකක්ද කියන්නේ?
Reply : 0 0
sameera Thursday, 18 April 2019 09:19 PM
ඔයගොල්ලෝ ජනතාවගේ බදු මුදල් වලින් පඩි අරන් කරන්නෙත් ඒකම තමයි. ලෙඩ්ඩු මැරෙන්න ඇරලා දේශපාලනේ කරනවා. මටනම් මේ මූණුයි පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ මූණුයි පෙනෙන්නේ ඒකම විදිහට.
Reply : 0 0
diyon Friday, 19 April 2019 04:37 PM
අර suwasaraya ගිලන් රථ සේවයෙන් නම් ජනතාව නොමග යවන්න බැරිවුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

